වියළි මිදි බටර් කේක්

බටර් කේක් එකක් ගෙදරදී හදා ගන්න නම් ඉතින් අපි කවුරුත් වගේ දන්නවනේ. හැමදාම හදන මේ කේක් එකට පොඩි වෙනසක් එකතු කරලා බැලුවොත් කොහොමද? අපි අද ඒ වෙනස කරලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි – 250g
  • වියළි මිදි – 100g
  • සීනි – 250g
  • මාගරින් – 250g
  • බිත්තර – 04
  • පිටි කිරි – ¼ cup
  • බේකින් පවුඩර් – 02 tsp
  • වැනිලා – 01 tsp

සාදන ක්‍රමය

  • පිටි ටික බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • මාගරින් ටිකයි සීනි ටිකයි එකට දාලා හොදට පුළුන් වගේ සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • මාගරින් ටික හොඳට බීට් උනාට පස්සේ මේකට බිත්තර එක එක දදා හොඳට අයෙත් බීට් කර ගන්න.
  • ඊළගට පිටි ටික දාන්න. පිටි දාද්දි පිටි ටික ඔක්කොම එක පාර දා ගන්නේ නැතුව පිටි ටික ටික දා ගන්න. එතකොට පිටි ටික මාගරින් ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න ලේසියි.
  • වැනිලා ටිකයි පිටි කිරි ටිකයි එකතු කර ගන්න.
  • අන්තිමට වියළි මිදි ටික දාලා හොඳට කලවම් කර ගන්න.
  • මේ කේක් මිශ්‍රණය බේකින් පෑන් එකකට දාලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයක විනාඩි 35ක් විතර කලින් රත් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • මේ කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න, බේක් කර ගන්න කලින් කේක් එක උඩට තවත් වියළි මිදී ටිකක් ඉහ ගන්නත් පුළුවන්.
  • බේක් කර ගත්තට පස්සේ කේක් එක ටිකක් නිමෙන්න තියලා බේකින් පෑන් එකෙන් එලියට අරන් කෑලි කපා ගන්න.
  • මේ රසම රස කේක් එක ඔයාලත් ගෙදර හදලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදර අය මේකට ගොඩක් කැමති වෙයි.
Dried Grape Butter Cake
Dried Grape Butter Cake

Contact DailyLife.lk

or drop an E-Mail to