වියළි මිදි බටර් කේක්
බටර් කේක් එකක් ගෙදරදී හදා ගන්න නම් ඉතින් අපි කවුරුත් වගේ දන්නවනේ. හැමදාම හදන මේ කේක් එකට පොඩි වෙනසක් එකතු කරලා බැලුවොත් කොහොමද? අපි අද ඒ වෙනස කරලා බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි – 250g
- වියළි මිදි – 100g
- සීනි – 250g
- මාගරින් – 250g
- බිත්තර – 04
- පිටි කිරි – ¼ cup
- බේකින් පවුඩර් – 02 tsp
- වැනිලා – 01 tsp
සාදන ක්‍රමය
- පිටි ටික බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
- මාගරින් ටිකයි සීනි ටිකයි එකට දාලා හොදට පුළුන් වගේ සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
- මාගරින් ටික හොඳට බීට් උනාට පස්සේ මේකට බිත්තර එක එක දදා හොඳට අයෙත් බීට් කර ගන්න.
- ඊළගට පිටි ටික දාන්න. පිටි දාද්දි පිටි ටික ඔක්කොම එක පාර දා ගන්නේ නැතුව පිටි ටික ටික දා ගන්න. එතකොට පිටි ටික මාගරින් ටිකත් එක්ක හොඳට කලවම් කර ගන්න ලේසියි.
- වැනිලා ටිකයි පිටි කිරි ටිකයි එකතු කර ගන්න.
- අන්තිමට වියළි මිදි ටික දාලා හොඳට කලවම් කර ගන්න.
- මේ කේක් මිශ්‍රණය බේකින් පෑන් එකකට දාලා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයක විනාඩි 35ක් විතර කලින් රත් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
- මේ කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න, බේක් කර ගන්න කලින් කේක් එක උඩට තවත් වියළි මිදී ටිකක් ඉහ ගන්නත් පුළුවන්.
- බේක් කර ගත්තට පස්සේ කේක් එක ටිකක් නිමෙන්න තියලා බේකින් පෑන් එකෙන් එලියට අරන් කෑලි කපා ගන්න.
- මේ රසම රස කේක් එක ඔයාලත් ගෙදර හදලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදර අය මේකට ගොඩක් කැමති වෙයි.