අන්තිම මොහොතේ හදා ගන්න දඩි බිඩි නත්තල් කේක් එක

ඔයාලට මේ පාර නත්තලට කල් තියා නත්තල් කේක් එකක් හදා ගන්න බැරි උනා නම් එහෙම මෙන්න තියනවා අන්තිම මොහොතේදී උනත් හදා ගන්න පුළුවන් නත්තල් කේක් එක වගේම රසම රස කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පොඩියට කපා ගත්ත ඇට වර්ග - 300g
    • කජු
    • ආමන්ඩ්
    • හැසල්නට්
    • පිස්ටාචියෝ
    • වොල්නට්ස්
  • පොඩියට කපා ගත්ත වියළි පළතුරු - 400g
    • ඇප්රිකොට්
    • රට ඉදි
    • ගස් ලබු
    • කිවි
    • වියළි මිදි
    • අඹ
  • ලා දුඹුරු සීනි - 160g
  • පාන් පිටි - 95g
  • බේකින් පවුඩර් - 2g
  • බේකින් සෝඩා - 2g
  • ලුනු පොඩ්ඩක්
  • ලොකු බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම පොඩියට කපා ගත්ත ඇට ජාති ටිකයි, වියළි පලතුරුයි, සීනියි එකට දාලා කලවම් කර ගන්න.
  • දැන් වෙනමම බෝල් එකක පිටියි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩා ටිකයි, ලුනු ටිකයි කලවම් කරලා මේ පිටි මිශ්‍රණය කලින් හදා ගත්ත වියළි පලතුරු ටිකට දාලා හැම කෑල්ලකම හොඳට පිටි ටික තවරා ගන්න.
  • ඊළගට බිත්තර ටික කහ පාට ගතිය අඩු වෙලා ටිකක් ක්‍රීම් ගතියට එනකන් හොඳට බීට් කර ගන්න.
  • දැන් මේ බිත්තර එකට වැනිලා ටික දාලා තව ටිකක් වෙලා බීට් කරන්න.
  • දැන් මේ බිත්තර මිශ්‍රණයට කලින් හදා ගත්ත මිශ්‍රණය ටිකෙන් ටික දදා හොඳට කලවම් කර ගන්න.
  • අන්තිමටම මේ කේක් මිශ්‍රණය 20x5cm (8”x2”) ප්‍රමාණයේ රවුම් බේකින් ට්‍රේ එකකට දා ගෙන විනාඩි 60-70ක් විතර 150°C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න. මේ කේක් මිශ්‍රණය බේකින් ට්‍රේ එකේ ටිකක් පිරෙන්න තිබ්බට බය වෙන්න එපා. මොකද මේ කේක් එක අනිත් කේක් වගේ බේක් වෙනකොට ගොඩක් පිපිලා එන්නේ නෑ.
  • කේක් එක බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියලා රස බලන්න.
  • ඔයාලට මේ කේක් එක සාමාන්‍ය බටර් කේක් එකකට වඩා ටිකක් වැඩි දවසක් තියා ගෙන කන්න පුළුවන්.
  • Dried Fruits & Nuts cake
    Dried Fruits & Nuts cake
    Dried Fruits & Nuts cake
    Dried Fruits & Nuts cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to