කටට කෙළ උනන කරවල හොදි

කරවල හොදි ගොඩක් ජනප්‍රිය ලංකාවේ කෑමක්. සමහර ගෙවල් වල දවල් කෑමට අනිවාර්යෙන් හැමදාම කරවල හොදි හදනවා. රසට කරවල හොද්දක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෑලි කරවල - 200g
  • මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
  • ඉදුණු තක්කාලි - 01
  • උකු පොල් කිරි - කෝප්ප 2 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • උළු හාල් - තේ හැඳි 1/2
  • තුනපහ කුඩු - තේ හැඳි 1 1/2
  • අමු මිරිස් - කරල් 02
  • ගොරකා - බික් 02
  • ලොකු ළුණු - 01
  • කරපිංචා
  • ලුනු - තේ හැඳි 1/2
  • රම්පේ

සාදන ක්‍රමය:

  • කරවල කෑලි ටික දෙතුන් පාරක් හෝදලා අරගෙන ඇතිලියකට දාගන්න.
  • කපාගත්ත ළුණු, අමු මිරිස්, තක්කාලි එකතු කරන්න.
  • කරපිංචා, රම්පෙ, ගොරකා ටික දාගන්න.
  • මිරිස් කුඩු, කහ කුඩු, උළු හාල්, තුනපහ කුඩු හා පොල් කිරි ටික දාගන්න.
  • ලුනු පොඩ්ඩකුත් දා ගන්න. සමහර කරවල වල ලුනු ගතිය ටිකක් තියන නිසා මෙතැනදී ලුනු පොඩ්ඩක් දාලා මදි නම් පස්සේ තව ලුනු ටිකක් එකතු කර ගන්න.
  • දැන් මේක ලිපේ තියලා හැදි ගාන ගමන් පොල් කිරි ටික ඉදෙනකන් ටිකක් වෙලා උයා ගන්න.
Dried Fish Curry
Dried Fish Curry in a pot
Sri Lankan Dried Fish Curry
Close Up view of Dried Fish Curry

Contact DailyLife.lk

or drop an E-Mail to