කටට කෙළ උනන කරවල හොදි
කරවල හොදි ගොඩක් ජනප්‍රිය ලංකාවේ කෑමක්. සමහර ගෙවල් වල දවල් කෑමට අනිවාර්යෙන් හැමදාම කරවල හොදි හදනවා. රසට කරවල හොද්දක් හදා ගන්නේ මෙන්න මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කෑලි කරවල - 200g
- මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
- ඉදුණු තක්කාලි - 01
- උකු පොල් කිරි - කෝප්ප 2 1/2
- කහ කුඩු - තේ හැඳි 1/2
- උළු හාල් - තේ හැඳි 1/2
- තුනපහ කුඩු - තේ හැඳි 1 1/2
- අමු මිරිස් - කරල් 02
- ගොරකා - බික් 02
- ලොකු ළුණු - 01
- කරපිංචා
- ලුනු - තේ හැඳි 1/2
- රම්පේ
සාදන ක්‍රමය:
- කරවල කෑලි ටික දෙතුන් පාරක් හෝදලා අරගෙන ඇතිලියකට දාගන්න.
- කපාගත්ත ළුණු, අමු මිරිස්, තක්කාලි එකතු කරන්න.
- කරපිංචා, රම්පෙ, ගොරකා ටික දාගන්න.
- මිරිස් කුඩු, කහ කුඩු, උළු හාල්, තුනපහ කුඩු හා පොල් කිරි ටික දාගන්න.
- ලුනු පොඩ්ඩකුත් දා ගන්න. සමහර කරවල වල ලුනු ගතිය ටිකක් තියන නිසා මෙතැනදී ලුනු පොඩ්ඩක් දාලා මදි නම් පස්සේ තව ලුනු ටිකක් එකතු කර ගන්න.
- දැන් මේක ලිපේ තියලා හැදි ගාන ගමන් පොල් කිරි ටික ඉදෙනකන් ටිකක් වෙලා උයා ගන්න.