තවත් රසම රස චොක්ලට් ඩෙසර්ට් එකක්

චොක්ලට් කිව්වොත් නම් ඉතින් ඕනෙම විදිහකට කන්න අපි හැමෝම කැමතියිනේ. චොක්ලට් කන්න කැමති ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් තවත් රසම රස අතුරුපසක් තමයි මේ ඩබල් චොක්ලට් ස්කෝන්ස්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 220g
  • කොකෝවා පවුඩර් - 60g
  • සීනි - 100g
  • බේකින් පවුඩර් - තේ හැඳි 2 1/2
  • ක්ෂණික කෝපි - තේ හැඳි 1/2
  • ලුනු - තේ හැඳි 1/2
  • කොටු හැඩේට කපා ගත්ත බටර් - 80g
  • නැවුම් කිරි - 150ml
  • චොක්ලට් චිප්ස් - 120g
  • බිත්තර - 01
  • චොක්ලට් චිප්ස්

සාදන ක්‍රමය:

  • පිටි, සීනි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, ලුනු, ක්ෂණික කෝපි සියල්ලම එකට දමා හොඳට කලවම් කර ගන්න.
  • මේකටම කොටු හැඩේට කපා ගත්ත බටර් ටික දාලා කලවම් කරන්න.
  • කිරි ටිකත් එක්ක බීට් කර ගත්ත බිත්තරෙන් භාගයක් දාලා කලවම් කරන්න. ඉතුරු බිත්තර ටික තියා ගන්න අන්තිමට එග් වොෂ් කරන්න.
  • දැන් මේ කිරි ටිකත් පිටි වලට දාලා හොඳට කලවම් කර ගන්න. කිරි ටිකත් එක්ක පිටි මිශ්‍රණය හොඳට කලවම් උනාට පස්සේ චොක්ලට් චිප්ස් ටික එකතු කර ගන්න.
  • දැන් මේ පිටි මිශ්‍රණය පිටි ඉහ ගත්ත පැතලි මතුපිටකට දාගෙන රවුම් හැඩේට සමතලා කර ගන්න. දැන් මේකෙන් ත්‍රිකෝණ හැඩේට සමාන කෑලි 8ක් කපා ගන්න.
  • මේ කපා ගත්ත කෑලි ටික බේකින් ට්‍රේ එකක් උඩින් තියාගෙන හැම කෑල්ලක් උඩින්ම තවත් චොක්ලට් චිප්ස් ටිකක් තියා ගන්න.
  • ඊළගට කලින් ඉතුරු කර ගත්ත බිත්තර වලින් මේ කෑලි ටික එග් වොෂ් කර ගෙන මේ ටික 200C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 18ක් 20ක් විතර බේක් කර ගන්න.
  • බේක් කර ගත්තාට පස්සේ රස්නේ පිටින්ම කද්දී තමයි මේකේ රස වැඩි.
Double Chocolate Scones
Double Chocolate Scones
Double Chocolate Scones
Double Chocolate Scones
Double Chocolate Scones

Contact DailyLife.lk

or drop an E-Mail to