ලොක්කන්ටයි පොඩ්ඩන්ටයි රස කෑමක්

ලොකු පොඩි ඕනේ කෙනෙක්ට දැකපු ගමන් කන්න හිතෙන රස කෑමක් තමයි ඩබල් චොක්ලට් මෆින්. ඔයාලට තේ වෙලාවට ගන්න වගේම පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න දාලා දෙන්නත් මේක හොඳ කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය: මෆින් 12 සඳහා

  • බිත්තර - 03
  • සීනි - 140g
  • ලුනු - තේ හැඳි 1/2
  • වැනිලා - තේ හැඳි 01
  • විපින් ක්‍රීම් - 200ml
  • කොකෝවා පවුඩර් - 40g
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • පාන් පිටි - 210g
  • චොක්ලට් චන්ක්ස් - 120g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම විපින් ක්‍රීම් ටික හොඳට පීක්ස් එනකන් බීට් කර ගන්න.
  • ඊළගට මේකට කොකෝවා පවුඩර් ටික දාලා කලවම් කරගෙන පැත්තකින් තියා ගන්න.
  • දැන් වෙනමම බෝල් එකක බිත්තරයි, සීනියි, ලුනුයි, වැනිලායි එකට දාලා බීට් කර ගන්න.
  • මේ බිත්තර මිශ්‍රණය කලින් හදා ගත්ත විපින් ක්‍රීම් එකට දාලා කලවම් කරන්න.
  • පිටි ටිකට බේකින් පවුඩර් ටික දාලා කලවම් කරලා මේ පිටි මිශ්‍රණයෙන් ටිකෙන් ටික බිත්තර මිශ්‍රනයටම දා ගන්න.
  • අන්තිමට චොක්ලට් කෑලි ටික දා ගන්න.
  • දැන් කප් කේක් ලයිනර්ස් ටික මෆින් ට්‍රේ එකට දාගෙන මේ මිශ්‍රණය ඒකට පුරවා ගෙන තවත් චොක්ලට් කෑලි ටිකක් මෆින් උඩින් තියා ගන්න.
  • ඊළගට මේ මෆින් ටික 180C ට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 20ක් විතර බේක් කරන්න.
  • බේක් කර ගත්ත මෆින් ටික ටිකක් වෙලා නිමෙන්න තියලා රස බලන්න.
  • Double Chocoalte Muffins
    Double Chocoalte Muffins
    Double Chocoalte Muffins
    Double Chocolate Muffins
    Double Chocolate Muffins
    Double Chocolate Muffins
    Double Chocolate Muffins
    Double Chocolate Muffins

    Contact DailyLife.lk

    or drop an E-Mail to