පුළුන් වගේ සොෆ්ට් ගතියට ඩිනර් රෝල්ස් හදමු

පොඩි වෙනසකටත් එක්ක පුළුන් වගේ සොෆ්ට් කිරි රස බන් එකක් කන්න තිබ්බොත් කොහොමද?ඩිනර් රෝල් ගෙදරදී හදා ගන්න එක හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 400g
  • සීනි - 30g
  • ලුණු තේ හැඳි - 01
  • මද රස්නේ කිරි - 240ml
  • ඊස්ට් මේස හැඳි - 01
  • බටර් - 45g
  • බීට් කර ගත්ත බිත්තර - 01
  • පොල් තෙල් තේ හැඳි - 01

සාදන ක්‍රමය:

  • පිටි ටික ලුනුයි, සීනි 15g යි,එක්ක හොඳට කලවම් කරන්න.
  • ඊස්ට් වලට ඉතුරු සීනි 15g දාලා කලවම් කරන්න.
  • මද රස්නේ කිරි 60ml ක් ඊස්ට් එකට එකතු කරන්න.
  • දැන් ඊස්ට් එක්ක කලවම් කර ගත්ත කිරි ටික පිටි ටිකට දාන්න.
  • ඉතුරු කිරි ටිකයි, බීට් කර ගත්ත බිත්තරෙයි, බටර් ටිකයිත් පිටි එකටම දාලා පිටි එක ගුලියක් වගේ වෙනකන් හොඳට අතින් කලවම් කරන්න.
  • වෙනමම බෝල් එකකට පොල් තෙල් ටික දාලා ඒකට අපි හදා ගත්ත පිටි ටික දා ගන්න.
  • දැන් මේ බෝල් එක වහලා විනාඩි 90ක් විතර පිපෙන්න තියන්න.
  • පිටි ටික හොඳට පිපුනට පස්සේ මේ පිටි ටික බෝර්ඩ් එකකට දාගෙන කෑලි 15ට කපා ගන්න.
  • මේ කෑලි වලින් පොඩි බෝල හදා ගෙන බේකින් ට්‍රේ එකකින් තියා ගන්න.
  • ආයෙත් මේ බේකින් ට්‍රේ එක වහලා තවත් පැයක් විතර පිපෙන්න තියන්න.
  • අවන් එකේ උෂ්ණත්වය 375°F (190°C) ට සෙට් කරලා විනාඩි 15ක් 20ක් විතර මේ බන් ටික බේක් කර ගන්න.
  • දැන් මේ ටික අවන් එකෙන් එලියට අරගෙන ටිකක් වෙලා නිමෙන්න තියලා එකින් එක වෙන් කර ගන්න.
Dinner Rolls on a cutting board
Dinner Buns
Dinner Buns Closeup

Contact DailyLife.lk

or drop an E-Mail to