පුළුන් වගේ සොෆ්ට් ගතියට ඩිනර් රෝල්ස් හදමු
පොඩි වෙනසකටත් එක්ක පුළුන් වගේ සොෆ්ට් කිරි රස බන් එකක් කන්න තිබ්බොත් කොහොමද?ඩිනර් රෝල් ගෙදරදී හදා ගන්න එක හරිම ලේසියි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි - 400g
- සීනි - 30g
- ලුණු තේ හැඳි - 01
- මද රස්නේ කිරි - 240ml
- ඊස්ට් මේස හැඳි - 01
- බටර් - 45g
- බීට් කර ගත්ත බිත්තර - 01
- පොල් තෙල් තේ හැඳි - 01
සාදන ක්‍රමය:
- පිටි ටික ලුනුයි, සීනි 15g යි,එක්ක හොඳට කලවම් කරන්න.
- ඊස්ට් වලට ඉතුරු සීනි 15g දාලා කලවම් කරන්න.
- මද රස්නේ කිරි 60ml ක් ඊස්ට් එකට එකතු කරන්න.
- දැන් ඊස්ට් එක්ක කලවම් කර ගත්ත කිරි ටික පිටි ටිකට දාන්න.
- ඉතුරු කිරි ටිකයි, බීට් කර ගත්ත බිත්තරෙයි, බටර් ටිකයිත් පිටි එකටම දාලා පිටි එක ගුලියක් වගේ වෙනකන් හොඳට අතින් කලවම් කරන්න.
- වෙනමම බෝල් එකකට පොල් තෙල් ටික දාලා ඒකට අපි හදා ගත්ත පිටි ටික දා ගන්න.
- දැන් මේ බෝල් එක වහලා විනාඩි 90ක් විතර පිපෙන්න තියන්න.
- පිටි ටික හොඳට පිපුනට පස්සේ මේ පිටි ටික බෝර්ඩ් එකකට දාගෙන කෑලි 15ට කපා ගන්න.
- මේ කෑලි වලින් පොඩි බෝල හදා ගෙන බේකින් ට්‍රේ එකකින් තියා ගන්න.
- ආයෙත් මේ බේකින් ට්‍රේ එක වහලා තවත් පැයක් විතර පිපෙන්න තියන්න.
- අවන් එකේ උෂ්ණත්වය 375°F (190°C) ට සෙට් කරලා විනාඩි 15ක් 20ක් විතර මේ බන් ටික බේක් කර ගන්න.
- දැන් මේ ටික අවන් එකෙන් එලියට අරගෙන ටිකක් වෙලා නිමෙන්න තියලා එකින් එක වෙන් කර ගන්න.