කන්න හිතෙන පරිප්පු මැල්ලුමක් උයමු

පරිප්පු කියන්නේ නම් අපිට නැතුවම බැරි කෑමක්. ලේසියෙන් පහසුවෙන් අපි ඕනේ වෙලාවක හදාගන්නේ පරිප්පුවක්. හැබැයි මෙන්න මේ විදිහට හදපු පරිප්පු මැල්ලුමක් ඔයාලා මීට කලින් කාලා තියනවද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මයිසූර් පරිප්පු - 150g
  • වතුර - කෝප්ප 04
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • කුරුදු පොතු ටිකක්
  • කරපිංචා
  • රම්පේ
  • ගා ගත්ත පොල් - කෝප්ප 01
  • රතු ළුණු - 07-08
  • සුදු ළුණු - බික් 04
  • අමු මිරිස් - කරල් 03
  • අබ - තේ හැඳි 01
  • රතු මිරිස් කරල් - 03
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • තුන පහ කුඩු - තේ හැඳි 02
  • ලුණු - තේ හැඳි 02
  • පොල් තෙල් - මේස හැඳි 01

සාදන ක්‍රමය:

  • පරිප්පු ටික හොඳට සෝදලා අරගෙන භාජනයකට දාගන්න.
  • දැන් මේකට වතුර, අමු මිරිස්, මිරිස්, තුන පහ, කහ, ලුණු, කරපිංචා ටිකකුයි, රම්පේ ටිකකුයි දාලා මද ගින්දරේ උයා ගන්න. මේක අපි මැල්ලුමක් විදිහට උයන හින්දා පරිප්පු ටික ගොඩක්ම උයා ගන්න එපා.
  • පරිප්පු ටික ගානට ආවාට පස්සේ පාන් එකකට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකොට අබ ටික දාගන්න.
  • මේ අබ ටික පුපුරනකොට කරපිංචා, රම්පේ, ළුණු, සුදු ළුණු, මිරිස්, කුරුදු පොතු දාලා ටිකක් වෙලා තෙම්පරාදු කර ගන්න.
  • දැන් මේකට පොල් ටික දාලා හොඳට කලවම් කරගන්න.
  • පොල් ටික හොඳට කලවම් උනහම කලින් උයා ගත්ත පරිප්පු ටික දාලා කලවම් කරන්න.
Dhal Mallum Full View
Dhal Mallum Side View
Parippu Mallum
Close Up view of Dhal Mallum

Contact DailyLife.lk

or drop an E-Mail to