බඩ පැලෙන්න කෑම කන්න රට ඉදි චට්නි

රට ඉදි චට්නි කියන්නේ ඉතින් රට ඉන්න කන්න තියෙන හොඳම විදිහක්. මේ රට ඉදි චට්නි එක ඉන්දියාවෙනම් හරිම ප්‍රසිද්ධයි. මේ විදිහට රට ඉදි චට්නි ටිකක් හදා ගත්තහම ඔයාලට මාසයක් විතර මේක ෆ්‍රිජ් එකේ තියා ගෙන කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රට ඉදි - 520g
  • සීනි - 180g
  • විනාකිරි - 120ml
  • සුදු ළුණු - 50g
  • ඉඟුරු - 30g
  • මිරිස් කුඩු - තේ හැඳි 0
  • ලුනු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම රට ඉදි වලට උණු වතුර ටිකක් දාලා ටිකක් වෙලා පොගවා ගන්න. එතකොට මේ ටිකේ පොත්ත ගලවා ගන්න හරිම ලේසියි.
  • මේ අතරතුරේදී, ඉඟුරු සුදු ළුණු ටික පොතු අයින් කරලා හීනියට කපා ගන්න.
  • රට ඉදි ටික පෙගුනාට පස්සේ මේ ටිකේ පොත්තයි, නටුවට සම්බන්ධ වෙන කෑල්ලයි, ඇටෙයි අයින් කර ගන්න. ඔයාලගේ රට ඉදි වැඩිය වේලිලා නැතුව හොඳ අලුත්වට තියනවානම් එහෙම මේ විදිහට උණු වතුරේ දාලා පොත්ත අයින් කරන්න ඕනේ නෑ. ඔයාලට පුළුවන් කෙලින්ම මේ ටිකේ ඇට ටික අයින් කරලා අර ගන්න.
  • දැන් කපා ගත්ත ඉඟුරු සුදු ළුණු ටිකයි, ලුනුයි, විනාකිරි තේ හැඳි 3-4 යි, මිරිස් කුඩුයි, සීනියි එකට දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩර් කර ගන්න. ඔයාලා ගත්ත රට ඉදි ටික ගොඩක්ම පැණි රස නම් වැඩිය සීනි දාන්න එපා.
  • ඊළගට රට ඉදි ටිකත් හොඳට බ්ලෙන්ඩර් කර ගන්න. මේක බ්ලෙන්ඩර් කර ගන්න ලේසි වෙන්න විනාකිරි ටිකකුත් දා ගන්න. ඔයාලා මේ චට්නි එක කෑලි හැපෙන්න කන්න කැමති නම් මේ ටික බ්ලෙන්ඩර් කරන්නේ නැතුව හැන්දකින් පොඩ්ඩක් පොඩි කර ගන්න.
  • දැන් ඉතුරු විනාකිරි ටික පෑන් එකකට දාලා රත් කර ගන්න.
  • විනාකිරි ටික රත් උනහම ලිපේ ගින්දර මද්‍යම ප්‍රමානෙට තියලා අඹරා ගත්ත පේස්ට් එක දාලා කලවම් කර ගන්න. මේ පේස්ට් එක නටන මට්ටමට වෙනකන් රත් කරලා, මේ වෙලාවේදී ලුනු ඇතිද කියලා බලලා මදි නම් තව ටිකක් දා ගන්න.
  • අන්තිමටම රට ඉදි ටික දාලා තත්පර 30-40 විතර කලවම් කරලා ලිප ඔෆ් කර ගන්න.
  • චට්නි එක හොඳටම නිමුනාට පස්සේ ජීවානුහරණය කල බෝතල් වලට අසුරා ගන්න.
  • Date Chutney
    Date Chutney
    Date Chutney
    Date Chutney
    Date Chutney

    Contact DailyLife.lk

    or drop an E-Mail to