රසම රස රට ඉදි කේක්
හරිම රසට ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ රට ඉදි කේක් එකට ඔයාලාගේ පවුලේ අය අනිවාර්යෙන්ම කැමති වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- රට ඉදි - 500g (ඇට සමග)
- මද රස්නේ උණු වතුර - කෝප්ප 01
- ආප්ප සෝඩා - තේ හැඳි 01
- බිත්තර - 04
- පාන් පිටි - 225g
- මාගරින් - 225g
- සීනි - 225g
- වැනිලා - තේ හැඳි 01
- කජු - 50g
සාදන ක්‍රමය
- රට ඉදි ටිකේ ඇට ටික ඇරලා සුද්ද කර ගන්න.
- ආප්ප සෝඩා ටික වතුරත් එක්ක දිය කරලා ඒකට ඇට ඇරගත්ත රට ඉදි ටික දාගන්න.
- දැන් මේ ටික හොඳට කලවම් කරලා පැය 03ක් 04ක් විතර තියලා තියන්න. කේක් එක හදන්න කලින් දවසේ මේ විදිහට රට ඉදි ටික පොගන්න දාගන්නවනම් වඩා හොඳයි.
- මාගරින් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කර ගන්න.
- බිත්තර එක එක දදා හොඳට බීට් කරන්න.
- ඊළගට වැනිලා ටික දාගන්න.
- පිටි ටික දාලා හොඳට කලවම් කරන්න.
- අන්තිමට රට ඉදි ටික දාලා කලවම් කර ගන්න.
- ඔයාලා කැමති නම් මේ කේක් එක තව ටිකක් රස වෙන්න කජු ටිකකුත් එකතු කර ගන්න පුළුවන්.
- දැන් මේ කේක් එක විනාඩි 35ක් 40ක් විතර 180°C ක උෂ්ණත්වයක් බේක් කර ගන්න.
Other kitchen articles

ගමේ රසට ඌරු මස්
Sun, 23rd Feb 2025
ගෙදර හදපු වොන්ඩර් බාර් අයිස් ක්‍රීම්
Sat, 25th Jan 2025
මේක පීසා එකක් නම් නෙමේ
Sun, 12th Jan 2025
ගෙදර හදපු නියුටෙලා
Wed, 1st Jan 2025
ස්ට්‍රෝබෙරි ජෑම්
Thu, 12th Dec 2024
ආස නැද්ද මේ විදිහට බීට් රූට් කන්න
Sat, 30th Nov 2024
වෙනස් විදිහේ බිත්තර රයිස් එකක්
Sat, 30th Nov 2024