කටේ දියවෙන කස්ටඩ් කුකීස්

බිත්තර දාන්නේ නැතුව හදන මේ කුකී එක ඔයාලට හරිම පොඩි වේලාවකදී බිස්කට් වෙනුවට රසට ගෙදරදීම හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කුකී 30 සඳහා

  • කාමර උෂ්ණත්වයේ බටර් - 250g
  • අයිසින් සීනි - 155g
  • පාන් පිටි - 250g
  • කස්ටඩ් පවුඩර් - 155g
  • උකු කිරි - මේස හැඳි 03
  • වැනිලා - තේ හැඳි 01
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් ගතියට එනකන් කලවම් කර ගන්න.
  • දැන් මේකට උකු කිරි ටිකයි වැනිලා ටිකයි දා ගන්න. උකු කිරි වෙනුවට ඔයාලට බිත්තරයක් ගන්නත් පුළුවන්.
  • ඊළගට වෙනමම බෝල් එකක පිටියි, කස්ටඩ් පවුඩර් ටිකයි එකට දාලා කලවම් කරලා මේ පිටි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රනයටම දා ගන්න.
  • දැන් මේක වහලා පැයක් විතර ෆ්‍රිජ් එකේ තියන්න. එතකොට කුකී බෝල ටික ලේසියෙන් ලස්සනට හදා ගන්න පුළුවන්.
  • දැන් මේ මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදලා ඒ ටික සීනි වල තවරලා බේකින් ට්‍රේ එකක් උඩින් තියා ගන්න.
  • අන්තිමටම මේ බෝල ටික ගෑරුප්පුවකින් පොඩ්ඩක් උඩින් තද කරන්න. එතකොට බේක් වෙලා ඉවර උනහම කුකී ටික ලස්සනට එනවා.
  • ඊළගට කුකී ටික විනාඩි 12-15 විතර 180C ට ප්‍රී හීට් කරපු අවන් එකක බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කුකීස් ටික ටිකක් වෙලා නිමෙන්න තියලා රස බලන්න.
  • Custard Cookies
    Custard Cookies
    Custard Cookies
    Custard Cookies
    Custard Cookies
    Custard Cookies

    Contact DailyLife.lk

    or drop an E-Mail to