කරපිංචා ලුනු මිරිස්

කරපිංචා ලුනු මිරිස් කියන්නේ ඉහල කොලස්ටරෝල් මට්ටමක් තියෙන අයට නම් ඉතාමත්ම ගුණදායී ආහාර යක්. ඔයාලත් ගෙදරදි කරපිංචා ලුනු මිරිස් හදලා කාලා කොලොස්ට්‍රෝල් මට්ටම අඩුකරගෙන බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කරපිංචා
  • රතුළුණු ගෙඩි 03 - 04
  • සුදුලූනු බික් 02
  • ලුණු කුඩු
  • දෙහි යුෂ

සාදන ආකාරය:

  • මේ සඳහා ඉතා ළපටි කරපිංචා දළු යොදාගන්න. ඒවා ඉතා පහසුවෙන් ඔබට අඹරා ගත හැකි වෙනවා.
  • කරපිංචා කිනිත්තෙන් කොළ ඉවත් කරගන්න.
  • කරපිංචා කොළ හොඳින් අඹරා ගන්න.
  • නැවතත් කරපිංචා කොළ රතුලූනු , සුදුළූණු සහ ලුණු එකතු කරමින් අඹරා ගන්න. තලපයක් ආකාරයට සෑදෙන තෙක් හොඳින් සියල්ල අඹරා ගන්න.
  • සියල්ල හොඳින් අඹරා ගත් පසු එයට දෙහි යුෂ එක් කරන්න.
  • ඔබට මෙය බත්, පාන්, ආප්ප වැනි දෑ සමඟ ආහාරයට ගත හැකි වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to