කරපිංචා ලුනු මිරිස්
කරපිංචා ලුනු මිරිස් කියන්නේ ඉහල කොලස්ටරෝල් මට්ටමක් තියෙන අයට නම් ඉතාමත්ම ගුණදායී ආහාර යක්. ඔයාලත් ගෙදරදි කරපිංචා ලුනු මිරිස් හදලා කාලා කොලොස්ට්‍රෝල් මට්ටම අඩුකරගෙන බලන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කරපිංචා
- රතුළුණු ගෙඩි 03 - 04
- සුදුලූනු බික් 02
- ලුණු කුඩු
- දෙහි යුෂ
සාදන ආකාරය:
- මේ සඳහා ඉතා ළපටි කරපිංචා දළු යොදාගන්න. ඒවා ඉතා පහසුවෙන් ඔබට අඹරා ගත හැකි වෙනවා.
- කරපිංචා කිනිත්තෙන් කොළ ඉවත් කරගන්න.
- කරපිංචා කොළ හොඳින් අඹරා ගන්න.
- නැවතත් කරපිංචා කොළ රතුලූනු , සුදුළූණු සහ ලුණු එකතු කරමින් අඹරා ගන්න. තලපයක් ආකාරයට සෑදෙන තෙක් හොඳින් සියල්ල අඹරා ගන්න.
- සියල්ල හොඳින් අඹරා ගත් පසු එයට දෙහි යුෂ එක් කරන්න.
- ඔබට මෙය බත්, පාන්, ආප්ප වැනි දෑ සමඟ ආහාරයට ගත හැකි වෙනවා.