ලේසියෙන් curd rice හදමු

මුදවපු කිරි වලින් සාදන ලද බත් එකක් ඔයාල මීට කලින් කාල තියෙනවද? එය ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ද වෙනවා. දකුණු ඉන්දියානුවන් අතර ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක් තමයි curd rice කියන්නේ. Curd rice තිබුනේ නැත්නම් ඔවුන්ගේ ආහාර වේල සම්පූර්ණ වෙන්නෙත් නැති තරම්. ඉතාමත් පහසු ආහාර වට්ටෝරුව අද අපි හදලා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිසගත් බත් කෝප්ප 1 ½
  • මුදවාපු කිරි කෝප්ප 02
  • තෙල් මේස හැඳි 01
  • අබ ඇට තේ හැඳි 01
  • කරපිංචා කොළ 05 - 06
  • පරිප්පු මේස හැඳි 01
  • අමු මිරිස් කරල් 02
  • ලුණු කුඩු රස අනුව
  • ඉදුණු අමු මිරිස් කරල් 02 ( අලංකාර කිරීම සඳහා)

සාදන ආකාරය:

  • බත් සහ කිරි මිශ්‍ර කර පසෙකින් තබන්න.
  • පැතලි තැටියකට එකකට තෙල් දමා රත් වන විට එයට අබ ඇට එකතු කරන්න .
  • අබ ඇට පුපුරන විට පරිප්පු එකතු කරන්න.
  • පරිප්පු රන් වන් පාට වන විට එයට කරපිංචා කොළ සහ අමු මිරිස් එකතු කරන්න.
  • සියල්ල හොදින් රත් වූ පසු සාදාගත් බත් සහ මුදවාපු කිරි මිශ්‍රණය එකතු කරන්න. මිශ්‍රණය එකතු කරන අවස්ථාවේ ගින්දර අඩු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුණහොත් මුදවාපු කිරි කැටි ගැසෙනවා.
  • හොඳින් හැඳිගාමින් මිනිත්තු 1 - 2 මදගින්නේ පිසගන්න.
  • ඔබගේ රස අනුව ලුණු කුඩු ස්වල්පයක් එකතු කරන්න.
Top view of Curd Rice
Curd Rice
Close up view of Curd Rice
Curd Rice

Contact DailyLife.lk

or drop an E-Mail to