පහසු පිපිඤ්ඤා සම්බෝලය
හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුළුවන් මේ පිපිඤ්ඤා සම්බෝලය ඔයාලාගේ කෑම වේලට නැවුම් රසයක් එකතු කරාවි
අවශ්‍ය ද්‍රව්‍ය:
- පිපිඤ්ඤා - 250g
- රතු ළුණු - ගෙඩි 10
- තක්කාලි - 02
- අමු මිරිස් - 02
- ලුනු - තේ හැඳි 01
- ගම්මිරිස් කුඩු - තේ හැඳි 01
- නාරං හෝ දෙහි
සාදන ක්‍රමය:
- පිපිඤ්ඤා ගෙඩිය පොතු ඇරලා, ඇට අයින් කරලා හොඳට සෝදා ගන්න.
- ඊළගට පිපිඤ්ඤා ගෙඩිය කෑලි වලට කපා ගන්න.
- තක්කාලි, අමු මිරිස් හා ළුණු ටිකත් පොඩියට කපා ගන්න.
- කපා ගත්ත ඔක්කොම ටික බෝල් එකකට දා ගන්න.
- දැන් ඔයාලාගේ රස පදමට ලුනු, ගම්මිරිස් හා නාරං එකතු කරන්න.
- ඔක්කොම දේවල් ටික හොඳට කලවම් වෙනකන් අතින් කලවම් කරන්න.
Other kitchen articles

පීනට් බටර් කේක්
Thu, 1st Jun 2023
අඩු වියදමකින් ඉක්මනින් රසට රයිස් එකක්
Sat, 27th May 2023
බත් කාලා කන්න රස ඩෙසර්ට් එකක්
Thu, 18th May 2023
චිකන් නුඩ්ල් සුප්
Tue, 9th May 2023
රට ඉදි අළුවා / රට ඉදි ටොෆී
Fri, 17th Mar 2023
ටින් කිරි වලින් චොක්ලට් බ්‍රවුනිස්
Wed, 15th Mar 2023
කන්න කන්න ආසා හිතෙන ෆ්‍රෙන්ච් චොක්ලට් මැකරෝන්ස්
Thu, 2nd Mar 2023