කිරි රස පිපිඤ්ඤා ව්‍යංජනය

අපි හැමදාම වගේ පිපිඤ්ඤා හදන්නේ සලාදයක් විදිහටනේ. පිපිඤ්ඤා කරි එකක් හදනවා කිව්වහම සමහර අයට ටිකක් අමුතුයි. සැර අඩුවෙන් කිරි රසට හදන මේ පිපිඤ්ඤා කරි එක ඔයාලගේ කෑම වේලට අමුතුම රසයක් එකතු කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිපිඤ්ඤා - 500g
  • උකු පොල් කිරි - කෝප්ප 1/2
  • රතු ලුණු ගෙඩි කීපයක්
  • අමු මිරිස් කරල් - 02
  • කරපිංචා
  • සුදු ලුණු බික් - 02
  • කහ කුඩු - තේ හැඳි 01
  • උළු හාල් - තේ හැඳි 01
  • කුරුදු පොතු කීපයක්
  • ලුනු - තේ හැඳි 01
  • මිරිස් කුඩු - තේ හැඳි 1/2

සාදන ක්‍රමය:

  • පිපිඤ්ඤා ගෙඩියේ නටුව තිබුන තැන කපලා එතන තියන කිරි වගේ ටික අයින් කර ගන්න. මේ කිරි වගේ ටික ඉතුරු උනොත් එහෙම මේ කරි එක ටිකක් තිත්ත රස වෙනවා.
  • ඊළගට මුළු පිපිඤ්ඤා ගෙඩියේම පොත්ත අයින් කර ගන්න.
  • පිපිඤ්ඤා ගෙඩිය දෙකට පලලා ඇතුලේ තියන ඇට මෝරලද බලන්න. ඇට ටික මෝරලනම් ඒ ඇට ටික අයින් කර ගන්න. ඇට ටික මෝරලා නැත්නම් මේ ඇට ටිකත් එක්කම මේ කරි එක හදා ගන්න පුළුවන්.
  • ඇට ටික අයින් කර ගත්තට පස්සේ පිපිඤ්ඤා ගෙඩිය හොඳට හෝදලා අරගෙන කෑලි වලට කපා ගන්න.
  • මේ කෑලි ටික අතිලියකට දාලා රතු ලුණුයි, අමු මිරිසුයි, කරපින්චයි, සුදු ලුණු ටිකයිත් කපලා දා ගන්න.
  • ඉතුරු තුන පහ ටිකත් මේකට දාලා හොඳට අතින් කලවම් කර ගන්න. මේ කරි එක කිරි රසට හදන නිසා ගොඩක්ම මිරිස් කුඩු වැඩි කර ගන්න එපා.
  • අන්තිමට පොල් කිරි ටික දාලා කලවම් කර ගන්න. පිපිඤ්ඤා වලත් වතුර ගතිය වගේ තියන හින්දා පොල් කිරි ගොඩක් වැඩි කර ගන්නේ නැතුව ගානකට දා ගන්න.
  • දැන් මේ කරි එක ලිපේ තියලා සරින් සැරේ හැඳි ගාන ගමන් විනාඩි 15ක් - 20ක් විතර හොඳට උයා ගන්න.
Cucumber Curry
Cucumber Curry
Cucumber Curry

Contact DailyLife.lk

or drop an E-Mail to