ක්‍රීමි චොක්ලට් පුඩින්

හැම වෙලේම චොක්ලට් අතුරුපසක් හොයන ඔයාලාට මෙන්න තවත් රසම රස කෑමක්…

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඩාර්ක් චොක්ලට් - 50g
  • සීනි - 130g
  • කොකෝවා පව්ඩර් - මේස හැඳි 02
  • ඉරිඟු පිටි - මේස හැඳි 02
  • ලුනු - තේ හැඳි 1/4
  • කිරි - කෝප්ප 02
  • විපින් ක්‍රීම් - 40ml
  • වැනිලා - තේ හැඳි ½

සාදන ක්‍රමය

  • චොක්ලට් ටික පොඩි කෑලි වලට කපා ගන්න.
  • සීනි, කොකෝවා පව්ඩර්, ඉරිඟු පිටි, ලුනු එකට දාලා කලවම් කරන්න.
  • කිරි ටික දාලා කලවම් කරන්න.
  • පුඩින් මිශ්‍රණය ටිකක් ඝන වෙනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාමින් කලවම් කරන්න.
  • පුඩින් එක ඝන වේගෙන එනකොට කපාගත්ත චොක්ලට් ටිකයි විපින් ක්‍රීම් ටිකයි දාගන්න.
  • මේ ටික හොඳට කලවම් කරලා ලිප නිවලා වැනිලා ටිකත් දාලා කලවම් කරන්න.
  • පුඩින් ටික ඩෙසර්ට් කප් දෙකකට දාලා ටිකක් වෙලා නිමෙන්න තියන්න.
  • දැන් මේ පුඩින් එක හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පුඩින් එක හොඳට සෙට් උනාට පස්සේ උඩින් කජු ටිකක් ඉහලා ලස්සන කර ගන්න.
Creamy Chocolate Pudding
Creamy Chocolate Pudding
Creamy Chocolate Pudding
Creamy Chocolate Pudding

Contact DailyLife.lk

or drop an E-Mail to