ක්‍රීමි චොක්ලට් පුඩින්
හැම වෙලේම චොක්ලට් අතුරුපසක් හොයන ඔයාලාට මෙන්න තවත් රසම රස කෑමක්…
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාර්ක් චොක්ලට් - 50g
- සීනි - 130g
- කොකෝවා පව්ඩර් - මේස හැඳි 02
- ඉරිඟු පිටි - මේස හැඳි 02
- ලුනු - තේ හැඳි 1/4
- කිරි - කෝප්ප 02
- විපින් ක්‍රීම් - 40ml
- වැනිලා - තේ හැඳි ½
සාදන ක්‍රමය
- චොක්ලට් ටික පොඩි කෑලි වලට කපා ගන්න.
- සීනි, කොකෝවා පව්ඩර්, ඉරිඟු පිටි, ලුනු එකට දාලා කලවම් කරන්න.
- කිරි ටික දාලා කලවම් කරන්න.
- පුඩින් මිශ්‍රණය ටිකක් ඝන වෙනකන් මද ගින්දරේ දිගටම හැඳි ගාමින් කලවම් කරන්න.
- පුඩින් එක ඝන වේගෙන එනකොට කපාගත්ත චොක්ලට් ටිකයි විපින් ක්‍රීම් ටිකයි දාගන්න.
- මේ ටික හොඳට කලවම් කරලා ලිප නිවලා වැනිලා ටිකත් දාලා කලවම් කරන්න.
- පුඩින් ටික ඩෙසර්ට් කප් දෙකකට දාලා ටිකක් වෙලා නිමෙන්න තියන්න.
- දැන් මේ පුඩින් එක හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න.
- පුඩින් එක හොඳට සෙට් උනාට පස්සේ උඩින් කජු ටිකක් ඉහලා ලස්සන කර ගන්න.