ගෙදර හදපු ක්‍රීම් චීස්

ක්‍රීම් චීස් කඩෙන් ගන්න ගියොත් හරි ගණන් කියලා අපි හැමෝම දන්නවනේ. හැබැයි හරිම පොඩි වියදමකින් අපිට පුළුවන් මේ ක්‍රීම් චීස් ටික ගෙදරදීම හදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සම්පුර්ණ යොදය සහිත එළ කිරි - 1 L
  • ලුනු - තේ හැඳි 1 1/2
  • දෙහි යුෂ - මේස හැඳි 04
  • සාදන ක්‍රමය:

    • මුලින්ම කිරි ටික මද ගින්දරේ රත් කර ගන්න. කිරි ටික රත් කරද්දී මේක දිගටම හැඳි ගාන්න. නැත්නම් කිරි ටික අඩිය අල්ලනවා.
    • කිරි ටික බුබුළු දාන මට්ටමට රත් උනහම හින්දර ටික හොඳටම අඩු කරලා දෙහි යුෂ ටික දා ගන්න. දෙහි යුෂ ටික දා ගත්තාට පස්සේ කිරි ටික කැටි ගැහෙනවා.
    • ඊළගට අපි මේකට ලුනු ටික දා ගම්මු.
    • දැන් මේක ලිපෙන් අයින් කරලා වතුර ටික පෙරා ගන්න ඕනේ. මේක පෙරා ගන්න හොඳ සිනිදු රෙදි කෑල්ලක් අර ගන්න. කපු රෙද්දක් තියනවානම් ගොඩක් හොඳයි.
    • දැන් මේ කිරි කැටි ටික රෙද්දේ ඉතුරු වෙන්න වැඩිපුර වතුර ටික ඔක්කොම මිරිකලා දාන්න.
    • ඊළගට මේ කිරි කැටි ටික චීස් වගේ වෙන්න මේ ටික හොඳට බ්ලෙන්ඩර් කර ගන්න.
    • ගෙදරදීම හදා ගත්ත මේ ක්‍රීම් චීස් ටික තවත් කෑම වර්ග හදන්න වගේම පාන් බිස්කට් වගේ දේවල් එක්ක කන්න ගන්නත් පුළුවන්.
    Homemade Cream Cheese
    Homemade Cream Cheese
    Homemade Cream Cheese

    Contact DailyLife.lk

    or drop an E-Mail to