ක්‍රීම් චීස් මාර්බල් බ්‍රව්නිස්
චොක්ලට් බ්‍රව්නිස් නම් ඉතින් ඕනේ කෙනෙක් දන්නා කෑමක් නේ. හැබැයි ක්‍රීම් චීස් එක්ක හදන මේ බ්‍රව්නි එක නම් ඔයාලට ටිකක් අළුත් දෙයක් වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය-බ්‍රව්නි බැටර් එක සදහා:
අවශ්‍ය ද්‍රව්‍ය- ක්‍රීම් චීස් මිශ්‍රණය සදහා:
Method
- ක්‍රීම් චීස් මිශ්‍රණය සඳහා මුලින්ම ක්‍රීම් චීස් ටික හොඳට බීට් කරන්න.
- දැන් ක්‍රීම් චීස් එකට සීනි, ඔරේන්ජ් සියෙස්ට්, ඔරේන්ජ් ජුස් හා බිත්තරය දාගෙන බීට් කරන්න.
- මේ ඔක්කොම ටික හොඳට බීට් උනාට පස්සේ මේ ක්‍රීම් චීස් මිශ්‍රණය පැත්තකින් තියා ගන්න.
- බ්‍රව්නි මිශ්‍රණය හදා ගන්න, පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, ලුනුයි, බේකින් පවුඩර් ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
- චොක්ලට් ටිකයි, මාගරින් ටිකයි එකට දාලා දිය කර ගන්න.
- දැන් මේ චොක්ලට් මිශ්‍රණයට සීනියි, බිත්තරෙයි, වැනිලා ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
- කලින් හදා ගත්ත පිටි ටික මේ චොක්ලට් මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
- පිටි ටික හොඳට චොක්ලට් ටිකත් එක්ක කලවම් උනාට පස්සේ මේ මිශ්‍රණය බේකින් පෑන් එකකට දාගන්න. චොක්ලට් බැටර් එකෙන් පොඩ්ඩක් ඉතුරු කර ගන්න අන්තිමට උඩින් දා ගන්න.
- කලින් හදා ගත්ත ක්‍රීම් චීස් මිශ්‍රණය මේ බ්රවුනි මිශ්‍රණය උඩින් දා ගන්න.
- ඉතුරු කර ගත්ත චොක්ලට් මිශ්‍රණය ටිකෙන් ටික ක්‍රීම් චීස් උඩින් දාගෙන ලස්සන රටා ටිකක් හදා ගන්න.
- මේ බ්‍රව්නි එක 180° C ක උෂ්ණත්වයක විනාඩි 25ක් 30ක් විතර බේක් කර ගන්න.
- බේක් වෙලා ඉවර උනාට පස්සේ මේක නිමෙන්න තියලා රස්නේ පිහියකින් කෑලි වලට කපා ගන්න.