ගෙදර හදපු ක්‍රීම් චීස්
ක්‍රීම් චීස් කඩෙන් ගන්න ගියොත් හරි ගණන් කියලා අපි හැමෝම දන්නවනේ. හැබැයි හරිම පොඩි වියදමකින් අපිට පුළුවන් මේ ක්‍රීම් චීස් ටික ගෙදරදීම හදා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
සාදන ක්‍රමය:
- මුලින්ම කිරි ටික මද ගින්දරේ රත් කර ගන්න. කිරි ටික රත් කරද්දී මේක දිගටම හැඳි ගාන්න. නැත්නම් කිරි ටික අඩිය අල්ලනවා.
- කිරි ටික බුබුළු දාන මට්ටමට රත් උනහම හින්දර ටික හොඳටම අඩු කරලා දෙහි යුෂ ටික දා ගන්න. දෙහි යුෂ ටික දා ගත්තාට පස්සේ කිරි ටික කැටි ගැහෙනවා.
- ඊළගට අපි මේකට ලුනු ටික දා ගම්මු.
- දැන් මේක ලිපෙන් අයින් කරලා වතුර ටික පෙරා ගන්න ඕනේ. මේක පෙරා ගන්න හොඳ සිනිදු රෙදි කෑල්ලක් අර ගන්න. කපු රෙද්දක් තියනවානම් ගොඩක් හොඳයි.
- දැන් මේ කිරි කැටි ටික රෙද්දේ ඉතුරු වෙන්න වැඩිපුර වතුර ටික ඔක්කොම මිරිකලා දාන්න.
- ඊළගට මේ කිරි කැටි ටික චීස් වගේ වෙන්න මේ ටික හොඳට බ්ලෙන්ඩර් කර ගන්න.
- ගෙදරදීම හදා ගත්ත මේ ක්‍රීම් චීස් ටික තවත් කෑම වර්ග හදන්න වගේම පාන් බිස්කට් වගේ දේවල් එක්ක කන්න ගන්නත් පුළුවන්.