ලේසියෙන් පහසුවෙන් කෝර්න් ෆ්‍රයිඩ් රයිස්

ලේසියෙන්ම පැය භාගෙකටත් වඩා අඩු කාලෙකින් හදා ගන්න පුළුවන් මේ කෝර්න් ෆ්‍රයිඩ් රයිස් එක හදා ගත්තොත් නම් ඔයාලට වෙන මුකුත්ම උයන්නේ නැතුව මේක විතරක් උනත් රසට කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - මේස හැඳි 03
  • කපා ගත්ත ළුණු - 01
  • ඉඟුරු සුදු ළුණු පේස්ට් - තේ හැඳි 01
  • රතු පාට බෙල් පෙපර්
  • කොළ පාට බෙල් පෙපර්
  • කහ පාට බෙල් පෙපර්
  • රස පදමට ලුනු
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කරපිංචා
  • තම්බා ගත ස්වීට් කෝර්න් - කෝප්ප 01
  • ළුණු කොළ
  • බාස්මති හාල් - 200g
  • තක්කාලි
  • ගෝවා
  • කැරට්
  • බිත්තර - 01
  • කරදමුංගු - 02
  • කරාබු නැටි - 02
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • සාදන ක්‍රමය:

  • බටර් ටික පෑන් එකකට දාලා දිය කරගෙන ඒකට ඉඟුරු සුදු ළුණු පේස්ට් එකයි, කරදමුංගු, කරාබු නැටි ටිකයි දා ගන්න.
  • ඊළගට තම්බා ගත්ත කෝර්න් ටිකයි, කරපින්චයි, කපා ගත්ත ළුණු ටිකයි දා ගන්න.
  • දැන් මේකට කපා ගත්ත කැරට් ටිකයි, ගෝවා ටිකයි, පාට තුනෙන්ම බෙල් පෙපර් ටිකයි දා ගන්න.
  • මේ එළවලු ටික ඔක්කොම හොඳට කලවම් කරලා ඒකට කෑලි මිරිසුයි, ගම්මිරිස් කුඩුයි ඔයාලගේ රස පදමට ලුනුයි දා ගන්න.
  • එළවලු ටික විනාඩි 2-3ක් උයා ගෙන මේකට කපා ගත්ත තක්කාලි ටික දා ගන්න.
  • දැන් මේකට බිත්තරය දා ගෙන තවත් විනාඩි 2-3 උයා ගන්න.
  • ඊළගට ලිප ඔෆ් කරලා උයා ගත්ත බත් ටික මේ එළවලු මිශ්රණයත් එක්ක හොඳට කලවම් කර ගන්න.
  • අන්තිමටම පොඩියට කපා ගත්ත ළුණු කොළ ටික බත් එකත් එක්ක කලවම් කර ගන්න.
  • මේ බත් එක හරිම රසයි. ඒ වගේම හරිම සුවදයි.
  • Sweet Corn Fried Rice
    Sweet Corn Fried Rice
    Sweet Corn Fried Rice
    Sweet Corn Fried Rice
    Sweet Corn Fried Rice
    Sweet Corn Fried Rice
    Sweet Corn Fried Rice

    Contact DailyLife.lk

    or drop an E-Mail to