උණ හෙම්බිරිස්සාව නසන ඖෂධීය පානය

මේ දවස් වල හැමෝම බලන්නේ අසනීප වෙන්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්නනේ. ඒකට ලේසියෙන්ම ගෙදරදී හදා ගෙන බොන්න පුළුවන් දෙයක් තමයි මේ ඉඟුරු කොත්තමල්ලි පානය.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොත්තමල්ලි - 50g
  • ඉඟුරු - අගල් 2ක කෑල්ලක්
  • වතුර - කෝප්ප 03
  • සීනි - රස පදමට
  • සාදන ක්‍රමය:

    • කොත්තමල්ලි ටික විනාඩි 4-5 විතර කොත්තමල්ලි වල සුවද එනකන් ටිකක් වෙලා බැද ගන්න.
    • දැන් මේකට තලා ගත්ත ඉඟුරු ටිකයි වතුර ටිකයි දා ගන්න.
    • මේ කොත්තමල්ලි ටික විනාඩි 15ක් වගේ වතුර භාගයක් විතර හිදෙනකන් තම්බා ගන්න.
    • කොත්තමල්ලි ටික තැම්බුනහම මේ ටික පෙරලා අරගෙන සීනි ටිකක් දාගෙන බොන්න.
    • මේ ඉඟුරු කොත්තමල්ලි පානය සතියකට දවස් දෙක තුනක් විතර බොන්න පුළුවන් නම් ඔයාලාට උණ හෙම්බිරිස්සාව වගේ රෝග වලින් බේරිලා ඉන්න පුළුවන්.
    Coriander and Ginger Drink
    Coriander and Ginger Drink
    Coriander and Ginger Drink
    Coriander and Ginger Drink
    Coriander and Ginger Drink
    Coriander and Ginger Drink

    Contact DailyLife.lk

    or drop an E-Mail to