හිතුන ගමන් හදන් කන්න කුකී එකක්

වැඩි ගණන් දීලා බිස්කට් කඩෙන් ගන්නේ නැතුව හරිම අඩු වියදමකින් ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක් තමයි මේ ටින් කිරි වලින් හදා ගන්න කුකී එක.

අවශ්‍ය ද්‍රව්‍ය: කුකීස් 25-30 සඳහා

  • පාන් පිටි - 200g
  • ලුනු සහිත බටර් - 100g
  • ටින් කිරි - 60g
  • වැනිලා - තේ හැඳි 01
  • නටෙල්ලා / ජෑම්

සාදන ක්‍රමය:

  • මුලින්ම බටර් ටිකයි පිටි ටිකයි එකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • ඊළගට උකු කිරි ටිකයි, වැනිලා ටිකයි මේකට දාලා කලවම් කරන්න. උකු කිරි ටික දැම්මාට පස්සේ මේ මිශ්‍රණය ඇලෙන ගතිය වැඩි නම් තව පිටි පොඩ්ඩක් කලවම් කර ගන්න.
  • කුකී මිශ්‍රණය අතේ ඇලෙන්නේ නැති මට්ටමට හදා ගන්න.
  • දැන් මේ මිශ්‍රණය පිටි ඉහ ගත්ත ලෑල්ලක් උඩට දාලා රෝලින් පින් එකකින් තුනී කර ගන්න. ඔයාලා ටිකක් රස්නේ පලාතක ඉන්නවා නම් එහෙම මේ ඩෝ එක පැය 1/2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අර ගන්න.
  • ඩෝ එක 3mm - 4mm විතර ප්‍රමාණෙකට තුනී උනාට පස්සේ මේකෙන් රවුම් හැඩේට කුකීස් ටික කපා ගන්න. කපා ගත්ත කුකීස් වලින් භාගෙක හරි මැදින් පොඩි හිලක් හදා ගන්න. මේ ටික තමයි අපි කුකීස් ටික එකට අලවද්දී උඩට තියන්නේ .
  • දැන් මේ කපා ගත්ත කුකීස් ටික බේකින් ට්‍රේ එකකින් තියලා 160C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 10ක් විතර බේක් කර ගන්න. බේක් කර ගත්ත කුකීස් ටික හොඳටම නිමෙන්න තියන්න.
  • කුකීස් ටික නිමුනාට පස්සේ එක කුකී එකක් උඩින් ජෑම් හරි නටෙල්ලා හරි ගාලා මැදින් හිලක් කපා ගත්ත කුකී එකක් උඩින් තියලා අලවා ගන්න.
  • මේ ටික ඔයාලාට සතියක් විතර තියා ගන්න පුළුවන්.
  • Condensed Milk Cookies
    Condensed Milk Cookies
    Condensed Milk Cookies
    Condensed Milk Cookies
    Condensed Milk Cookies
    Condensed Milk Cookies
    Condensed Milk Cookies
    Condensed Milk Cookies

    Contact DailyLife.lk

    or drop an E-Mail to