බත් කාලා කන්න රස ඩෙසර්ට් එකක්

ඔයාලාට හරිම ලේසියෙන් ටින් කිරි එකක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් අතුරුපසක් තමයි මේ චොක්ලට් පුඩින් එක.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු කිරි - 390g
  • සීනි - 50g
  • බිත්තර - 03
  • නැවුම් කිරි - කෝප්ප 1/2
  • වැනිලා - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - මේස හැඳි 02

සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තර ටික බෝල් එකකට දාලා ඒ ටික පොඩ්ඩක් බීට් කර ගන්න.
  • ඊළගට මේ බිත්තර එකට ටින් කිරි ටික දාලා ඉතුරු වෙලා තියන ටින් කිරි ටිකත් නැවුම් කිරි ටික දාලා දිය කරලා මේකටම දා ගන්න.
  • වැනිලා, සීනි හා කොකෝවා පවුඩර් ටික දා ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගෙන පෙරලා ඔයාලා පුඩින් එක හදා ගන්න භාජනයට දා ගන්න.
  • ඊළගට මේ භාජනේ ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කර ගන්න. නැත්නම් එහෙම පුඩින් එක ස්ටීම් වෙනකොට ජල වාෂ්ප මේ පුඩින් එක ඇතුලට වැටෙනවා.
  • මේ පුඩින් එක 180C ක උෂ්ණත්වයක විනාඩි 30-35 විතර බේක් කර ගන්න. එහෙමත් නැත්නම් විනාඩි 25-30 විතර මද ගින්දරේ ස්ටීම් කර ගන්න.
  • පුඩින් එක හදා ගත්තාට පස්සේ ටූත්පික් එකක් පුඩින් එක ඇතුලට ගහලා බලන්න පුඩින් එක බේක් වෙලා ඇතිද කියලා. ටූත්පික් එකේ පුඩින් කෑලි මුකුත් ගෑවිලා නැත්නම් මේක බේක් වෙලා ඇති. පුඩින් කෑලි ටූත්පික් එකේ ගෑවිලා තිබුනොත් එහෙම පුඩින් එක තව ටිකක් වෙලා බේක් කර ගන්න ඕනේ.
  • පුඩින් එක හොඳටම නිමුනාට පස්සේ පුඩින් එක තව ටිකක් හොඳට සෙට් වෙන්න පැය 4-5 විතර ෆ්‍රිජ් එකේ තියලා අර ගෙන රස බලන්න.
  • Chocolate Pudding
    Chocolate Pudding
    Chocolate Pudding
    Chocolate Pudding
    Chocolate Pudding

    Contact DailyLife.lk

    or drop an E-Mail to