ටින් කිරි වලින් චොක්ලට් බ්‍රවුනිස්

හරිම ලේසියෙන් රසට චොක්ලට් බ්‍රවුනිස් හදා ගන්න පුළුවන් තවත් විදිහක් තමයි ටින් කිරි වලින් බ්‍රවුනිස් හදන එක.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඩාර්ක් චොක්ලට් - 250g
  • කුඩු කර ගත්ත සීනි - 300g
  • ලොකු බිත්තර - 03
  • ටින් කිරි - 397g
  • ලුනු සහිත බටර් - 200g
  • පාන් පිටි - 150g
  • කොකෝවා පවුඩර් - මේස හැඳි 02
  • පොඩියට කපා ගත්ත කජු - 50g
  • අයිසින් සීනි
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • වැනිලා - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම බටර් ටිකයි චොක්ලට් ටිකයි එකට දාලා හොඳට දිය කර ගන්න.
  • වෙනමම බෝල් එකක බිත්තර ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට බීට් කර ගන්න.
  • ඊළගට මේකට වැනිලා ටිකයි ටින් කිරි ටිකයි දා ගන්න.
  • පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි හොඳට කලවම් කරලා ඒකත් බිත්තර මිශ්‍රනයටම ටිකෙන් ටික දා ගන්න.
  • පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ කලින් හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය මේකට දාලා කලවම් කරන්න.
  • අන්තිමට පොඩියට කපා ගත්ත කජු ටිකකුත් දාලා කලවම් කරලා මේ බ්‍රවුනි එක විනාඩි 30-35 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • හදා ගත්ත බ්‍රවුනි එක හොඳටම නිමුනාට පස්සේ මේකට උඩින් අයිසින් සීනි ටිකකුත් ඉහලා ලස්සන කර ගන්න.
  • Chocolate Brownies
    Chocolate Brownies
    Chocolate Brownies
    Chocolate Brownies
    Chocolate Brownies

    Contact DailyLife.lk

    or drop an E-Mail to