කෝපි රසට කේක් හදමු

බටර් කේක් එකට කෝපි රසකුත් එකතු උනහම රස කොහොම වෙයිද? මේ කෝපි කේක් ගොඩක්ම රස වෙන්නේ ඒකට කෝපි අයිසිං ටිකකුත් එකතු උනහම තමයි. මේ තියෙන්නේ කෝපි කේක් එකයි කෝපි අයිසිං එකයි දෙකම හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් මිශ්‍රණය සදහා

  • බටර් - 150g
  • සීනි - 150g
  • ලොකු බිත්තර - 03
  • කේක් පිටි - 150g
  • වැනිලා / කෝපි එසෙන්ස් - තේ හැඳි 01
  • ක්ෂණික කෝපි - තේ හැඳි 02
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • උණු වතුර - මේස හැඳි 02
  • අවශ්‍ය ද්‍රව්‍ය: කෝපි අයිසිං සදහා

  • බටර් - 100g
  • අයිසිං සීනි - 250g
  • ක්ෂණික කෝපි - තේ හැඳි 02
  • උණු වතුර - මේස හැඳි 01
  • උඩට ඉසීමට කජු
  • සාදන ක්‍රමය:

    • කෝපි වලට උණු වතුර දාලා දිය කරලා ඒ ටික නිමෙන්න පැත්තකින් තියා ගන්න.
    • බිත්තර සුදු මද ටික හොඳට බීට් .කර ගන්න. සුදු මද ටික හොඳට බීට් උනාට පස්සේ ඒ ටිකත් පැත්තකින් තියා ගන්න.
    • වෙනමම භාජනයක බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් වෙනකන් බීට් කරන්න.
    • බටර් ටික හොඳට ක්‍රීම් උනාට පස්සේ බිත්තර කහ මද එක එක දාන ගමන් මිශ්‍රණය තව ටිකක් හොඳට බීට් කරන්න.
    • දැන් මේකට වැනිලා ටිකයි කලින් හදා ගත්ත කෝපි ටිකයි දා ගන්න. ඔයාලගේ කෝපි එකේ කෝපි කුඩු තියනවානම් පෙරලා අර ගන්න.
    • ඊළගට පිටියි, බේකින් පවුඩර් ටිකයි එකට කලවම් කරලා මේ පිටි වලින් ටික ටික බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.
    • අන්තිමට කලින් බීට් කර ගත්ත බිත්තර සුදු මද ටික මේ මිශ්‍රණයට දාලා හෙමින් සැරේ කලවම් කර ගන්න.
    • දැන් මේ කේක් මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා 180C ට ප්‍රී හීට් කර ගත්ත අවං එකක විනාඩි 35ක් විතර බේක් කර ගන්න.
    • කෝපි අයිසිං එක හදන්න මුලින්ම කෝපි ටික උණු වතුරත් එක්ක දිය කරලා නිමෙන්න තියන්න.
    • බටර් ටික ලා පාටට එනකන් හොඳට බීට් කර ගන්න. බීට් කර ගත්ත බටර් එකට හලා ගත්ත අයිසිං සීනි එකෙන් භාගයක් දාලා කලවම් කරන්න.
    • අයිසිං සීනි ටික හොඳට කලවම් කරගෙන ඉවර වෙලා කලින් හදා ගත්ත කෝපි ටික දා ගන්න. කේක් එකට කෝපි දානකොට කලා වගේම මෙතනදීත් කෝපි එකේ කෝපි කුඩු තියනවානම් ඒ ටික පෙරලා අර ගන්න. ඉතුරු අයිසිං සීනි ටිකත් මේකටම දාලා කලවම් කරන්න.
    • දැන් කේක් එක හරි මැදින් හරහට කපලා කෑලි දෙකකට වෙන් කර ගන්න. එක කෑල්ලක් උඩින් අයිසිං ගාලා අනිත් කේක් කෑල්ල මේකට උඩින් තියා ගන්න. දැන් මුළු කේක් එකම අයිසිං වලින් කවර් කර ගන්න. දැන් ඉතින් ඔයාලට පුළුවන් මේ කේක් එක කැමති විදිහකට අයිසිං කර ගන්න.
    • කේක් එක අයිසිං කරලා ඉවර වෙලා කේක් එක තව ටිකක් ලස්සන වෙන්න පොඩියට කපා ගත්ත කජු කෑලි ටිකකුත් කේක් එකට උඩින් දා ගන්න.
    Coffee Cake
    Coffee Cake
    Coffee Cake
    Coffee Cake
    Coffee cake
    Coffee Cake
    Coffee Cake
    Coffee Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to