ලස්සන පාටට පොල් ටොෆී
පොල් ටොෆී හරිම ඉක්මනින් ලේසියට බොහොම පොඩි ද්‍රව්‍ය ටිකකින් හදා ගන්න පුළුවන් කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- හීනියට ගාගත්ත පොල් - 200g
- සීනි - 300g
- වැනිලා - තේ හැඳි 01
- කලරින් - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි ½
සාදන ආකාරය:
- ගාගත්ත පොල් ටිකයි, සීනියි, ලුනු ටිකයි එකට කලවම් කරන්න.
- භාජනේ ලිපේ තියලා සීනි දිය වෙනකන් මද ගින්දරේ කලවම් කරන්න.
- සීනි දිය වෙනකොට වැනිලා ටික දාන්න.
- ඊළගට කලරින් ටික දාලා කලවම් කරන්න.
- මේ මිශ්‍රණය හොඳට හැන්දට බර ගතිය ඇවිත් එකට ගුලි වෙන ගානට අවහම ලිපෙන් බා ගන්න.
- දැන් මේ ටික ට්‍රේ එකකට දාගෙන හොඳට පැතලි කෑලි වලට කපා ගන්න.