පොල් සම්බෝල

පොල් සම්බෝල ශ්‍රී ලාංකිකයින් අතර ඉතා ජනප්‍රිය ආහාරයක්. ගාගත් පොල්, මිරිස් හා ලුණු සමඟ මිශ්‍ර වූ විට එය ඉතා රසවත් වෙනවා. ඕනෑම ශ්‍රී ලාංකික අහාරයක් සමග පොල් සම්බෝල පිළිගැන්වීමට ඔබට හැකියාව තිබෙනවා. ඉඳිආප්ප පාන් සහ රොටි සමග ඉතා හොඳයි

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ගාගත් පොල් 200
  • කෑලි මිරිස් 01 tsp
  • කුඩාවට කපා ගත් රතු ලුණු 02 tbsp
  • උම්බලකඩ කුඩු 01 ½ TSP
  • ගම්මිරිස් 1 TSP
  • දෙහි ඉස්ම 01 tsp
  • ලුණු කුඩු රස අනුව

සාදන ආකාරය

  • හිරමනයක් ආධාරයෙන් පොල් ටික ගාගන්න.
  • කෑලි මිරිස්,රතුළූණු ,උම්බලකඩ,ගම්මිරිස් බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හෝ ගල් වංගෙඩියක දමා හොඳින් සියල්ල පොඩි වන තෙක් කොටා ගන්න.
  • හොඳින් කෙටුන පසු පොල් ටික ද එක්කර තව මිනිත්තු කිහිපයක් කොටා ගන්න.
  • මේ සියල්ල බෝල් එකකට දමා ලුණු කුඩු හා දෙහි ඉස්ම රස අනුව යොදන්න.
  • ඕනෑම ශ්‍රී ලාංකික අහාරයක් සමඟ නැවුම් ආකාරයෙන් පිළිගන්වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to