නත්තල් කේක්

නත්තල් කේක් එකක් සාදාගන්නා ආකාරය කොහොමද කියලා අපි බලමු. සාමාන්‍යයෙන් නත්තල් කේක් හදන්නේ නත්තල ලං වෙනකොට. ඒත් මේ නත්තල් කේක් ටිකක් කල් තියා හදලා තියා ගත්තම ඒකෙ රසය වැඩි වෙනවා. නත්තල් කේක් , වෙඩින් කේක් හා සමානයි. හොඳට පදම් වෙන තරමටයි රසය වැඩි වෙන්නේ. එහෙනම් ඔයාලත් නත්තලට කරන්න තියෙන වැඩ වලින් මුලින්ම නත්තල් කේක් එක හදන වැඩේ කරන්න.

මේ සඳහා අපට අවශ්‍ය කරනවා:

  • සුල්තානා - 175g
  • වියළි මිදි - 125g
  • වියළි පලතුරු කෑලි - 125g
  • සකස් කරගත් ඉඟුරු - 150g
  • සකස් කරගත් චව් චව් - 250g
  • සකස්කරගත් චෙරි - 125g
  • කැන්ඩි පීල් - 125g
  • කජු - 150g
  • බටර් - 125g
  • බිත්තර - 06
  • ගෝල්ඩන් සිරප් තේ හැඳි - 01
  • රුලං - කෝප්ප 01
  • දොඩම් - ලෙලි 01
  • දෙහි - ලෙලි 01
  • දුඹුරු සීනි - කෝප්ප 01
  • වැනිලා - තේ හැදි 01
  • ඉඟුරු කුඩු - තේ හැඳි 01
  • Old spice - 01 tsp
  • කුරුඳු පොතු - තේ හැඳි 01
  • බ්‍රැන්ඩි කෝප්ප - ½
  • ආමන්ඩ් - තේ හැඳි 01

සාදන ආකාරය:

  • කජු , චව් චව් , චෙරි , ඉඟුරු සිහින් කැබලි වලට කපා ගන්න.
  • සියලුම පලතුරු බෝල් එකකට දමා ගන්න.
  • එයට බ්‍රැන්ඩි යොදා පදම් වන්නට ඉඩ හරින්න. සාමාන්‍යයෙන් හවස දමා රාත්‍රී කාලය පුරාම පදම් වෙන්න තබන්න.
  • බෝල් එකකට බටර් සහ සීනි දමා ක්‍රීම් එකක් ආකාරයට සෑදෙන තෙක් හොදින් කලවම් කරන්න.
  • කුඩාවට කපාගත් දෙහි ලෙලි සහ දොඩම් ලෙලි බටර් මිශ්‍රණයට එකතු කරන්න. හොඳින් කලවම් කරන්න.
  • බිත්තර සුදුමදය ගෙන හොඳින් බීට් කරන්න.
  • බිත්තර කහ මද ද එකිනෙක එක්කරමින් හොඳින් බීට් කරන්න.
  • වැනිලා , ඉඟුරු කුඩු , Old spice , කුරුඳු , Golden syrup , ආමන්ඩ් මිශ්‍රණයට එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් රුලං එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • දැන් මෙම මිශ්‍රණය පෙර දිනයේ සෑදූ පදම්කරගත් පලතුරු මිශ්‍රණය සමග මිශ්‍ර කරන්න.
  • පුළුස්සා ගැනීම සඳහා මෙම මිශ්‍රණය තැටියකට දමන්න.
  • 120°C උෂ්ණත්වයට පැය 2 1/2 පුළුස්සා ගන්න.
  • පිලිස්සුණු කේක් එක මතට Brandy යොදා බ්‍රෂ් එකක් ආධාරයෙන් තවරාගන්න. එවිට එය කේක් එකට හොඳට උරාගන්නා අතර අතිරේක රසයක් ඉන් ගෙන දෙනවා.
  • කේක් එක නිවෙන්නට ඉඩහරින්න.
  • නත්තලට මාස කිහිපයකට පෙර ඔබ මෙම කේක් එක හදනවනම් ඉතා හොඳින් පදම් වී රසය වැඩි වෙනවා. එසේ සිදුවුවහොත් සතියකට වරක් කේක් එක මතුපිට බ්‍රැන්ඩි ආලේප කරන්න. එවිට එහි තෙත ගතිය රඳා පවත්වා ගැනීමට උදව් වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to