නත්තලට තෑගී දෙන හොඳම විදිහ

ඔයාලා මේ පාර නත්තලට ඔයාලගේ යාළුවන්ට නෑදෑයින්ට එහෙම තෑගී දෙන්නේ මොනවද කියලා හිත හිත ඉන්නවනම් මෙන්න තියනවා තෑගී දෙන්න හොඳම විදිහක්.

අවශ්‍ය ද්‍රව්‍ය: බ්‍රව්නි මිශ්‍රණය සඳහා

  • පාන් පිටි - 150g
  • කොකෝවා පවුඩර් - 50g
  • සීනි - 250g
  • ලුනු රහිත බටර් - 200g
  • බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 02
  • චොක්ලට් චිප්ස් - 100g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • පොඩියට කපා ගත්ත කජු - 60g
  • ලුනු ටිකක්

අවශ්‍ය ද්‍රව්‍ය: අයිසින් එක සඳහා

  • කාමර උෂ්ණත්වයේ බටර් - 100g
  • අයිසින් සීනි - 200g
  • රතු පාට ෆුඩ් කලරින්
  • කොළ පාට ෆුඩ් කලරින්

අවශ්‍ය ද්‍රව්‍ය: සැරසීම සඳහා

  • ස්ප්රින්කල්ස් (රතු, කොළ සහ සුදු පාට)
  • රතු සහ කොළ පාට චොක්ලට් බටන්

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටියි, කොකෝවා පවුඩරුයි, බේකින් පවුඩර් ටිකයි, ලුනුයි එකට දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • ඊළගට බිත්තර ටික ටිකක් වෙලා බීට් කර ගන්න.
  • දැන් ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට සීනියි, දියකර ගත්ත බටර් ටිකයි දාලා කලවම් කර ගන්න.
  • සීනි ටික ටිකක් කලවම් උනහම බිත්තර ටික දා ගන්න.
  • දැන් මේකට වැනිලා ටිකයි කලින් හදා ගත්ත පිටි මිශ්‍රණයයි දා ගන්න. පිටි ටික ඔක්කොම එක පාර දා ගන්නේ නැතුව ටිකෙන් ටික දදා කලවම් කර ගන්න.
  • චොක්ලට් චිප්ස් ටිකයි පොඩියට කපා ගත්ත කජු ටිකයි දා ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් උනහම මිශ්‍රණය අගල් 8 සයිස් එකේ බේකින් ට්‍රේ එකකට දාගෙන මේ බ්‍රවුනි එක විනාඩි 40ක් විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත බ්‍රවුනි එක හොඳටම නිමුනාට පස්සේ මේක හරි හතරැස් කෑලි 12ට කපා ගන්න.
  • බටර් ක්‍රීම් අයිසින් එක හදා ගන්න මුලින්ම බටර් ටික හොඳටම සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • දැන් මේ අයිසින් එක ඔයාලා කැමති පදමට එනකන් අයිසින් සීනි ටිකෙන් ටික දදා බීට් කරන්න.
  • අයිසින් එකෙන් ටිකක් වෙනමම භාජනයකට අයින් කරගෙන ඒකට රතු පාට ෆුඩ් කලරින් කලවම් කර ගන්න.
  • ඉතුරු අයිසින් ටිකට කොළ පාට ෆුඩ් කලරින් කලවම් කර ගන්න.
  • දැන් කපා ගත්ත බ්‍රව්නි ටික අරගෙන ඒ හැම කෑල්ලකටම උඩින් කොළ පාට අයිසින් දා ගන්න.
  • මේ ටික උඩින් ස්ප්රින්කල්ස් ටිකකුත් ඉහ ගන්න.
  • දැන් රතු පාට අයිසින් ටික පයිපින් බෑග් එකකට දා ගෙන රිබන් එකක් වගේ වෙන්න බ්‍රව්නි උඩින් ඉරි දෙකක් ඇද ගන්න.
  • අන්තිමටම මේ ටික මැද්දෙන් චොක්ලට් බටන් ටිකක් තියලා සම්පුර්ණ කර ගන්න.
  • Christmas Gift Brownie Boxes
    Christmas Gift Brownie Boxes
    Christmas Gift Brownie Boxes
    Christmas Gift Brownie Boxes
    Christmas Gift Brownie Boxes
    Christmas Gift Brownie Boxes
    Christmas Gift Brownie Boxes

    Contact DailyLife.lk

    or drop an E-Mail to