කඩේ වගේ රස චොක්ලට් ස්විස් රෝල්

කොයි කෑමත් ගෙදර හදන් කනකොටනේ රස වැඩියි කියන්නේ. ලොකු පොඩි කවුරුත් එපා කියන්නේ නැති රසක් තමයි චොක්ලට් ස්විස් රෝල්. ඉතින් අපි අද කඩේ වගේම රසට චොක්ලට් ස්විස් රෝල් එකක් ගෙදර හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය: ස්පොන්ජ් කේක් එක සදහා

  • පාන් පිටි / කේක් පිටි - 65g
  • කොකෝවා පවුඩර් - 30g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • බිත්තර - 04
  • සීනි - 130g
  • දිය කර ගත්ත මාගරින් - 45g
  • වැනිලා - තේ හැඳි 01

අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම සදහා

  • සාමාන්‍ය චොක්ලට් - 150g
  • මද රස්නේ විපින් ක්‍රීම් - 120g
  • ශීත කල විපින් ක්‍රීම් - 240g

අවශ්‍ය ද්‍රව්‍ය: උඩට ඉසීමට

  • කොකෝවා පවුඩර්

සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තරයි සීනියි එකට දාලා ඒ ටික ටිකක් පුළුන් වගේ වෙලා ටිකක් ඝනකම් වෙනකන් බීට් කර ගම්මු.
  • බිත්තර බීට් කරන ගමන් ඒකට දිය කර ගත්ත මාගරින් ටිකයි වැනිලා ටිකයි දා ගන්න.
  • ඊළගට පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි එකට දාලා කලවම් කරලා ඒ ටික හොඳට හලා ගන්න. දැන් මේ පිටි මිශ්‍රණය ටිකෙන් ටික බීට් කර ගත්ත බිත්තර එකට එකතු කරන්න.
  • දැන් මේ කේක් මිශ්‍රණය අගල් 12x13 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකකට දාගෙන 180C ක උෂ්ණත්වයක විනාඩි 10-12 විතර බේක් කර ගන්න. මේ කේක් එක ගොඩක්ම ඝනකම් හෝ තුනී කර ගන්න එපා. කේක් එක වැඩිපුර ඝනකම් උනොත් රෝල් කරනකොට කේක් එක කැඩෙනවා. කේක් එක ගොඩක්ම තුනී උනොත් එහෙම බේක් කරනකොට ඒක ක්‍රස්ට් එකක් වගේ වෙලා යනවා.
  • දැන් වෙනමම බේකින් ශීට් එකක් උඩට කොකෝවා පවුඩර් ටිකක් ඉහගෙන බේක් කර ගත්ත කේක් ශීට් එක මේක උඩින් තියා ගන්න. හෙමින් සැරේ පරිස්සමට කේක් එකේ තියන බේකින් ශීට් එක ගලවලා අයින් කරන්න. දැන් මේ කේක් එක රස්නේ තියෙද්දීම රෝල් කරලා පැත්තකින් තියා ගන්න.
  • ඊළගට චොක්ලට් ටික මද රස්නේ විපින් ක්‍රීම් ටිකත් එක්ක දිය කර ගන්න.
  • වෙනමම බෝල් එකක ඉතුරු විපින් ක්‍රීම් ටික හොඳට බීට් කරන්න. බීට් කරන ගමන් දිය කර ගත්ත චොක්ලට් ටිකත් මේකට එකතු කරන්න.
  • කලින් රෝල් කර ගත්ත කේක් එක දිග ඇරලා දැන් හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මේක උඩින් තියලා හොඳට පැතලි කර ගන්න. ඊළගට කේක් එක රෝල් කරලා පැයක් විතර ෆ්‍රිජ් එකේ තියා ගන්න.
  • ස්විස් රෝල් එක හොඳට සෙට් උනහම කේක් එක කොන් දෙකෙන් ගානට කපලා උඩින් කොකෝවා පවුඩර් ටිකක් ඉහ ගන්න. ඔයාලට මේ ස්විස් රෝල් එක කැමති විදිහකට ලස්සන කර ගන්න පුළුවන්.
  • ඔයාලා එක පාරක් හරි මේ ස්විස් රෝල් එක ගෙදර හදලා බැලුවොත් එහෙම ආයෙත් ස්විස් රෝල් කඩෙන් ගන්න එකක් නෑ.
Chocolate Swiss Roll
Chocolate Swiss Roll
Chocolate Swiss Roll
Chocolate Swiss Roll
Chocolate Swiss Roll
Chocolate Swiss Roll

Contact DailyLife.lk

or drop an E-Mail to