චොක්ලට් මැදි කරපු පෑන් කේක්

පෑන් කේක් හදන විවිධ ක්‍රම අතරෙන් චොක්ලට් මැදි කරපු මේ පෑන් එකත් රසම රස පෑන් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • චොක්ලට් - 250g
  • විපින් ක්‍රීම් - කෝප්ප 1/2
  • පාන් පිටි - 200g
  • උකු පොල් කිරි - කෝප්ප 1 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/4
  • බිත්තර - 01
  • රස පදමට ලුනු
  • සාදන ක්‍රමය:

    • චොක්ලට් ටික විපින් ක්‍රීම් ටිකත් එක්ක දිය කර ගන්න.මේ ටික මයික්‍රෝවේව් එකක හරි ඩබල් බොයිල් කරලා හරි දිය කර ගන්න පුළුවන්.
    • දිය කර ගත්ත චොක්ලට් ටික කවර් කරලා විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
    • වෙනමම බෝල් එකක බිත්තර, පොල් කිරි, ලුනු සහ කහ කුඩු එකට දාලා දිය කරන්න.
    • කිරි ටිකට පිටි ටිකෙන් ටික දාන ගමන් ටිකක් ඝනකම් මිශ්‍රණයක් සාදා ගන්න. මේ මිශ්‍රණය ගොඩක්ම ඝනකම් වෙන්නෙත් නැතුව ගොඩක්ම දියාරු වෙන්නෙත් නැතුව හදා ගන්න.
    • දැන් පෑන් එකක තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා හැන්දක් අධාරයෙන් රවුම් හැඩයට හදා ගන්න. අඩු ගින්දරේ විනාඩි 02ක් විතර උයා ගන්න.
    • දැන් මේ පෑන් කේක් එක අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් උයා ගන්න.
    • ඔක්කොම පෑන් කේක් ටික හදලා ඉවර උනාට පස්සේ කලින් හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය පෑන් කේක් මැද්දෙන් ගාගෙන පෑන් කේක් ටික රවුම් හැඩයට හෝ ත්‍රිකෝණ හැඩයට සාදා ගන්න.
    Chocolate Stuffed Pancakes
    Chocolate Stuffed Pancakes
    Chocolate Stuffed Pancakes
    Chocolate Stuffed Pancakes
    Chocolate Stuffed Pancakes

    Contact DailyLife.lk

    or drop an E-Mail to