චොක්ලට් මැදි කරපු පෑන් කේක්
පෑන් කේක් හදන විවිධ ක්‍රම අතරෙන් චොක්ලට් මැදි කරපු මේ පෑන් එකත් රසම රස පෑන් කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
- චොක්ලට් ටික විපින් ක්‍රීම් ටිකත් එක්ක දිය කර ගන්න.මේ ටික මයික්‍රෝවේව් එකක හරි ඩබල් බොයිල් කරලා හරි දිය කර ගන්න පුළුවන්.
- දිය කර ගත්ත චොක්ලට් ටික කවර් කරලා විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
- වෙනමම බෝල් එකක බිත්තර, පොල් කිරි, ලුනු සහ කහ කුඩු එකට දාලා දිය කරන්න.
- කිරි ටිකට පිටි ටිකෙන් ටික දාන ගමන් ටිකක් ඝනකම් මිශ්‍රණයක් සාදා ගන්න. මේ මිශ්‍රණය ගොඩක්ම ඝනකම් වෙන්නෙත් නැතුව ගොඩක්ම දියාරු වෙන්නෙත් නැතුව හදා ගන්න.
- දැන් පෑන් එකක තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා හැන්දක් අධාරයෙන් රවුම් හැඩයට හදා ගන්න. අඩු ගින්දරේ විනාඩි 02ක් විතර උයා ගන්න.
- දැන් මේ පෑන් කේක් එක අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් උයා ගන්න.
- ඔක්කොම පෑන් කේක් ටික හදලා ඉවර උනාට පස්සේ කලින් හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය පෑන් කේක් මැද්දෙන් ගාගෙන පෑන් කේක් ටික රවුම් හැඩයට හෝ ත්‍රිකෝණ හැඩයට සාදා ගන්න.