චොක්ලට් පවුන්ඩ් කේක්

චොක්ලට් වලට කැමති ඔයාලාට තවත් හරිම ආසාවෙන් කන්න පුළුවන් කේක් එකක් මෙන්න. චොක්ලට් පවුන්ඩ් කේක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - 125g
  • සීනි - 150g
  • කොකෝවා පවුඩර් - 20g
  • ෆ්‍රෙෂ් මිල්ක් - 100ml
  • චොක්ලට් - 20g
  • බිත්තර - 02
  • පිටි - 100g
  • ලුනු - තේ හැඳි 1/4
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • පොඩියට කපා ගත්ත කජු ටිකක්

සාදන ක්‍රමය:

  • බටර් ටික පෑන් එකකට දාලා මද ගින්දරේ උණු කර ගන්න.
  • සීනි ටිකයි කොකෝවා පවුඩර් ටිකයි එකට දාලා හොඳට කලවම් කරන්න.
  • මේ මිශ්‍රණය ඝන වේගෙන එනකොට කිරි ටිකත් දාලා කලවම් කර ගන්න.
  • මේ මිශ්‍රණය තව ටිකක් වෙලා ඝන වෙනකන් විනාඩියක් දෙකක් විතර ලිපේ තියලා ලිපෙන් එලියට අර ගන්න.
  • මේ මිශ්‍රණයෙන් ටිකක් චොක්ලට් එකට දාලා චොක්ලට් ටික හොඳට දිය කර ගන්න.
  • බිත්තර වල සුදු කොටසයි කහ කොටසයි වෙන් කරලා අරගෙන වෙනමම භාජන දෙකකට දා ගන්න.
  • බිත්තර සුදු කොටස හොඳට පිම්බිලා එනකන් බීට් කර ගන්න.
  • පිටි වලට බේකින් පවුඩර් ටිකයි ලුනු ටිකයි දාලා කලවම් කර ගන්න.
  • දැන් බිත්තර කහ කොටස චොක්ලට් මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
  • ඊළගට පිටි ටිකත් දාලා කලවම් කරන්න.
  • දැන් බීට් කර ගත්ත බිත්තර ටික ටික දදා කලවම් කරන්න.
  • මේ ඔක්කොම ටික හොඳට කලවම් උනාට පස්සේ බැටර් එක ලෝෆ් පෑන් එකකට දාගෙන සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක විනාඩි 30ක් 35ක් විතර බේක් කර ගන්න.
  • කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ දිය කර ගත්ත චොක්ලට් ටික කේක් එක උඩට දා ගන්න.
  • කපා ගත්ත කජු ටිකත් දාලා කේක් එක තවත් ලස්සන කර ගන්න.
Chocolate Pound Cake
Chocolate Pound Cake
Chocolate Pound Cake
Chocolate Pound Cake
Chocolate Pound Cake

Contact DailyLife.lk

or drop an E-Mail to