චොක්ලට් පවුන්ඩ් කේක්
චොක්ලට් වලට කැමති ඔයාලාට තවත් හරිම ආසාවෙන් කන්න පුළුවන් කේක් එකක් මෙන්න. චොක්ලට් පවුන්ඩ් කේක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බටර් - 125g
- සීනි - 150g
- කොකෝවා පවුඩර් - 20g
- ෆ්‍රෙෂ් මිල්ක් - 100ml
- චොක්ලට් - 20g
- බිත්තර - 02
- පිටි - 100g
- ලුනු - තේ හැඳි 1/4
- බේකින් පවුඩර් - තේ හැඳි 01
- පොඩියට කපා ගත්ත කජු ටිකක්
සාදන ක්‍රමය:
- බටර් ටික පෑන් එකකට දාලා මද ගින්දරේ උණු කර ගන්න.
- සීනි ටිකයි කොකෝවා පවුඩර් ටිකයි එකට දාලා හොඳට කලවම් කරන්න.
- මේ මිශ්‍රණය ඝන වේගෙන එනකොට කිරි ටිකත් දාලා කලවම් කර ගන්න.
- මේ මිශ්‍රණය තව ටිකක් වෙලා ඝන වෙනකන් විනාඩියක් දෙකක් විතර ලිපේ තියලා ලිපෙන් එලියට අර ගන්න.
- මේ මිශ්‍රණයෙන් ටිකක් චොක්ලට් එකට දාලා චොක්ලට් ටික හොඳට දිය කර ගන්න.
- බිත්තර වල සුදු කොටසයි කහ කොටසයි වෙන් කරලා අරගෙන වෙනමම භාජන දෙකකට දා ගන්න.
- බිත්තර සුදු කොටස හොඳට පිම්බිලා එනකන් බීට් කර ගන්න.
- පිටි වලට බේකින් පවුඩර් ටිකයි ලුනු ටිකයි දාලා කලවම් කර ගන්න.
- දැන් බිත්තර කහ කොටස චොක්ලට් මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
- ඊළගට පිටි ටිකත් දාලා කලවම් කරන්න.
- දැන් බීට් කර ගත්ත බිත්තර ටික ටික දදා කලවම් කරන්න.
- මේ ඔක්කොම ටික හොඳට කලවම් උනාට පස්සේ බැටර් එක ලෝෆ් පෑන් එකකට දාගෙන සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක විනාඩි 30ක් 35ක් විතර බේක් කර ගන්න.
- කේක් එක බේක් වෙලා ඉවර උනාට පස්සේ දිය කර ගත්ත චොක්ලට් ටික කේක් එක උඩට දා ගන්න.
- කපා ගත්ත කජු ටිකත් දාලා කේක් එක තවත් ලස්සන කර ගන්න.