අන්නාසි වලින් උඩු යටිකුරු කේක් එකක්

ඔයාලා අන්නසි වලින් කේක් එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් මෙන්න තියනවා නියම කේක් එකක්. අන්නාසි, පොල්, චොක්ලට් ඔක්කොම එකට එකතු උන මේ කේක් එක හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය: අන්නාසි ටොපින්

  • දුඹුරු සීනි - 70g
  • බටර් - 60g
  • අන්නාසි පෙති - 05
  • අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් පොල් කේක්

  • පාන් පිටි - 125g
  • ගා ගත්ත පොල් - 50g
  • කොකෝවා පවුඩර් - 40g
  • ලුනු - තේ හැඳි 1/2
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • ලුනු රහිත බටර් - 75g
  • සීනි - 135g
  • බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 01
  • පොල් කිරි - කෝප්ප 3/4
  • දිය කර ගත්ත චොක්ලට් - 80g
  • සාදන ක්‍රමය:

    • මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි මද ගින්දරේ දිය කර ගන්න. මේ දිය කරගත්ත ටික ඔයාලා කේක් එක හදන බේකින් ට්‍රේ එකට දාලා හැමතැනටම මේ ටික යවා ගන්න.
    • බේකින් ට්‍රේ එකෙන් කපා ගත්ත අන්නාසි පෙති ටික තියා ගන්න. ඔයාලා මේ අන්නාසි පෙති වල මැද තියන කොටස රවුමට කපලා අයින් කරන්න. ඒ වගේම ඔයාලා අන්නාසි කන්න ගොඩක් කැමති නම් මීට වඩා තව අන්නාසි පෙති ටිකක් තියා ගන්න.
    • වෙනමම බෝල් එකක බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා හොඳට ක්‍රීම් වෙනකන් බීට් කර ගන්න. බිත්තරත් එකින් එක එකතු කරන ගමන් තව ටිකක් හොඳට බීට් කර ගන්න.
    • දැන් මේකට වැනිලා ටිකත් දා ගන්න.
    • වෙනමම බෝල් එකක පිටියි, පොල් ටිකයි, ලුනුයි, බේකින් පවුඩර් ටිකයි, කොකෝවා පවුඩර් ටිකයි එකට දාලා කලවම් කර ගන්න. මේ පිටි මිශ්‍රනෙන් ටිකෙන් ටික බටර් මිශ්‍රණයට දාලා කලවම් කර ගන්න.
    • දැන් මේකට පොල් කිරි ටික දා ගන්න.
    • අන්තිමට දිය කර ගත්ත චොක්ලට් ටික දාලා කලවම් කරන්න.
    • දැන් මේ බැටර් එක කලින් අන්නාසි පෙති තියලා ලෑස්ති කර ගත්ත බේකින් ට්‍රේ එකට දාලා විනාඩි 40-45 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකේ බේක් කර ගන්න.
    • බේක් උනාට පස්සේ කේක් එක පොඩ්ඩක් වෙලා නිමෙන්න තියලා බේකින් ට්‍රේ එක පිටින්ම අනිත් පැත්ත හරවලා කේක් එක අර ගන්න.
    Chocolate Pineapple Upside Down Cake
    Chocolate Pineapple Upside Down Cake width=
    Chocolate Pineapple Upside Down Cake
    Chocolate Pineapple Upside Down Cake
    Chocolate Pineapple Upside Down Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to