වෙනස් විදිහේ චොක්ලට් මාෂ්මෙලෝ

හැමදාම හදන මාෂ්මෙලෝ එකට පොඩි වෙනසකටත් එක්ක චොක්ලට් ටිකක් දාලා හදන්නයි අපි අද යන්නේ. ඔයාලට මේ මාෂ්මෙලෝ එක තේ වෙලාවකට වගේ කන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හොට් චොක්ලට් වලට උඩට දාන්න ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ජෙලටින් - 30g
  • සීනි - 250g
  • මද රස්නේ උණු වතුර - 100ml
  • සාමාන්‍ය වතුර - 150ml
  • චොක්ලට් - 100g
  • කෝර්න් පිටි

සාදන ක්‍රමය:

  • මුලින්ම ජෙලටින් ටික මද රස්නේ උණු වතුරත් එක්ක කලවම් කරලා ජෙලටින් ටික ඇක්ටිව් වෙනකන් පැත්තකින් තියලා තියන්න. .
  • දැන් පෑන් එකකට සීනි ටිකයි වතුර ටිකයි දාලා උණු කර ගන්න. මේ සීනි ටික නුල් ඇදෙන පදමට එනකන් උණු කර ගන්න ඕනේ.
  • සීනි ටික පදමට උණු උනහම ලිප ඔෆ් කරලා කලින් හදා ගත්ත ජෙලටින් ටික පැණි ටිකත් එක්ක කලවම් කර ගන්න.
  • දැන් මේ මිශ්‍රණය වෙනමම බෝල් එකකට දාලා විනාඩි 6-7 විතර නිමෙන්න තියන්න.
  • ඊළගට අපි මේක බීටර් එක අඩු ස්පීඩ් එකට සෙට් කරලා ටිකක් වෙලා බීට් කර ගන්න ඕනේ.
  • මේ විදිහට ටිකක් වෙලා බීට් කරනකොට මිශ්‍රණය හොඳට සුදු පාට වෙලා ටිකක් ඝනකම් වෙනවා.
  • මේ වෙලාවේදී බීටර් එකේ ස්පීඩ් එක හොඳටම වැඩි කරලා තවත් විනාඩි 7-8 විතර බීට් කර ගන්න.
  • ඊළගට දිය කර ගත්ත චොක්ලට් ටික මේකත් එක්ක කලවම් කර ගන්න.
  • දැන් මේ මාෂ්මෙලෝ මිශ්‍රණය ඉක්මනින්ම බටර් ගාලා ලෑස්ති කර ගත්ත තැටියකට දාලා මාෂ්මෙලෝ එක සෙට් වෙනකන් පැයක් විතර තියලා තියන්න.
  • මාෂ්මෙලෝ එක හොඳටම සෙට් උනාට පස්සේ මාෂ්මෙලෝ එකේ හැම තැනටම හොඳට කොර්න් පිටි ටිකක් තවරා ගන්න. ඔයාලා මාෂ්මෙලෝ එක කපන්න ගන්න පිහියේත් කොර්න් පිටි ටිකක් ගාලා අර ගන්න. එතකොට මාෂ්මෙලෝ එක පිහියේ ඇලෙන්නේ නැතුව ලේසියෙන්ම කපා ගන්න පුළුවන්.
  • කෑලි කපා ගත්තාට පස්සේ හැම මාෂ්මෙලෝ කෑල්ලකම හොඳට කොර්න් පිටි තවරා ගෙන සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.
  • Chocolate Marshmallow
    Chocolate Marshmallow
    Chocolate Marshmallow

    Contact DailyLife.lk

    or drop an E-Mail to