ගෙදරදීම ලේසියෙන් චොක්ලට් ෆජ්

අද රෙසිපි එක චොක්ලට් වලට කැමති ඔයාලටමයි. ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ චොක්ලට් ෆජ් එක ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු - 100g
  • ඩාර්ක් චොක්ලට් - 300g
  • ටින් කිරි - 390g
  • වැනිලා - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - මේස හැඳි 01
  • ලුනූ - තේ හැඳි 1/2
  • සාදන ක්‍රමය

    • කජු ටික පොඩියට කපාගෙන ටිකක් වෙලා බැද ගන්න.
    • ටින් කිරි ටිකයි චොක්ලට් ටිකයි භාජනයකට දාලා අඩු ගින්දරේ දිය කර ගන්න.
    • දැන් මේකට වැනිලා, කොකෝවා පවුඩර් හා ලුනු ටික එකතු කරන්න.
    • මිශ්‍රණය ඝන වේගෙන එනකොට කලින් සකස් කර ගත්ත බේකින් පෑන් එකකට දාගන්න.
    • බැදගත්ත කජු ටික උඩින් දාගන්න.
    • මේක සෙට් වෙනකන් පැයක් විතර ශීතකරණයේ තියලා කෑලි වලට කපා ගන්න.
    Chocolate Fudge
    Chocolate Fudge
    Chocolate Fudge
    Chocolate Fudge
    Chocolate Fudge
    Chocolate Fudge

    Contact DailyLife.lk

    or drop an E-Mail to