ගෙදරදීම ලේසියෙන් චොක්ලට් ෆජ්
අද රෙසිපි එක චොක්ලට් වලට කැමති ඔයාලටමයි. ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ චොක්ලට් ෆජ් එක ඔයාලත් ට්‍රයි කරලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ක්‍රමය
- කජු ටික පොඩියට කපාගෙන ටිකක් වෙලා බැද ගන්න.
- ටින් කිරි ටිකයි චොක්ලට් ටිකයි භාජනයකට දාලා අඩු ගින්දරේ දිය කර ගන්න.
- දැන් මේකට වැනිලා, කොකෝවා පවුඩර් හා ලුනු ටික එකතු කරන්න.
- මිශ්‍රණය ඝන වේගෙන එනකොට කලින් සකස් කර ගත්ත බේකින් පෑන් එකකට දාගන්න.
- බැදගත්ත කජු ටික උඩින් දාගන්න.
- මේක සෙට් වෙනකන් පැයක් විතර ශීතකරණයේ තියලා කෑලි වලට කපා ගන්න.