චොක්ලට් ක්‍රින්කල් කුකීස්

මේ රසම රස ලස්සන ක්‍රින්කල් කුකී එක ඔයාලගේ නත්තල් කෑම මේසේ තියෙන්නම ඕනේ කෑමක්. හරිම ලේසියෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන් මේ කුකී එක ඕනෙම වෙලාවකට අරගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කුකීස් 25 සඳහා

  • පාන් පිටි - 180g
  • කොකෝවා පවුඩර් - 60g
  • බේකින් පවුඩර් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • බටර් - 115g
  • සීනි - 200g
  • බිත්තර - 02
  • වැනිලා - තේ හැඳි 01
  • චොක්ලට් චන්ක්ස් - 100g
  • අයිසින් සීනි - 60g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බෝල් එකක පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි, ලුනුයි එකට දාලා කලවම් කර ගම්මු.
  • දැන් වෙනමම බෝල් එකක බටර් ටිකයි සීනි ටිකයි ක්‍රීම් ගතියට එනකන් හොඳට බීට් කර ගන්න.
  • ඊළගට මේකට බිත්තර එකින් එක දදා කලවම් කරන්න.
  • දැන් වැනිලා ටික දා ගන්න.
  • ඊළගට අපි කලින් හදා ගත්ත පිටි මිශ්‍රණය ටිකෙන් ටික මේ බටර් මිශ්‍රණයට දදා කලවම් කර ගන්න.
  • ඔක්කොම පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ චොක්ලට් කෑලි ටික දා ගන්න.
  • දැන් මේක කවර් කරලා පැයක් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • දැන් මේ ඩෝ එක එලියට අරගෙන ඒකෙන් තරමක පොඩි බෝල හදා ගන්න. මේ හදා ගත්ත බෝල අයිසින් සීනි වල තවරලා බේකින් ට්‍රේ එකක් උඩින් තියා ගන්න.
  • ඔක්කොම ඩෝ එක ඉවර වෙනකන් මේ විදිහට බෝල හදලා ඒ ඔක්කොම ටික අයිසින් සීනි වල තවරා ගන්න.
  • ඔක්කොම බෝල ටික හදලා ඉවර වෙන වෙලාව වෙනකොට සමහර විට ඔයාලා මුලින්ම හදපු බෝල වල අයිසින් සීනි ටික ඩෝ එකට උරා ගෙන සුදු පාට ගතිය අඩු වෙලා තියෙයි. එහෙම උනොත් එහෙම ඒ බෝල ටික ආයෙත් පාරක් අයිසින් සීනි වල තවරා ගන්න. මේ විදිහට හොඳට අයිසින් සීනි වල තවරා ගත්තේ නැත්නම් එහෙම බේක් උනාට පස්සේ මේ ටික නිකන්ම බ්‍රව්නි කුකී එකක් වගේ පෙනෙයි.
  • දැන් මේ කුකීස් ටික විනාඩි 10-12 විතර 180C ප්‍රී හීට් කරපු අවන් එකක බේක් කර ගන්න. මේ කුකීස් ටික අවන් එකෙන් එලියට ගන්නකොට හරිම සොෆ්ට්. එහෙම කියලා ඔයාලා ආයෙත් මේක බේක් කරන්න යන්න එපා. ටිකෙන් ටික නිමෙනකොට මේ කුකී එක ගානට හරි යනවා.
  • දැන් මේ කුකීස් ටික ඔක්කොම කූලින් රැක් එකක නිමෙන්න තියලා රස බලන්න.
  • Chocolate Crinkle Cookies
    Chocolate Crinkle Cookies
    Chocolate Crinkle Cookies
    Chocolate Crinkle Cookies
    Chocolate Crinkle Cookies
    Chocolate Crinkle Cookies
    Chocolate Crinkle Cookies

    Contact DailyLife.lk

    or drop an E-Mail to