Chocolate Covered Strawberries Recipe

හැමදාම Valentine’s Day එකට ආදරවන්තයාට ඔයාලා දෙන්නේ කඩෙන් ගත්ත cake එකක් හරි chocolate එකක් හරිනේ. මේ පාර Valentine’s Day එකට ඔයාගේ අතින්ම හදපු ටිකක් වෙනස් විදිහේ දෙයක් දුන්නොත් හොඳයි නේද? මෙන්න එහෙනම් ඔයාලාට try කරලා බලන්න very simple and delicious chocolate covered strawberries recipe එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • Semisweet chocolate අවුන්ස 04
  • හොඳින් සෝදා තෙත සිද ගත් strawberries 20ක් පමණ

සාදන ක්‍රමය

  • Baking sheet එකක් prepare කර ගන්න.
  • Chocolate ටික microwave bowl එකකට දමා දිය වෙන්න හරින්න. සෑම තත්පර 30 කට පාරක්ම mixture එක එලියට ගෙන හොඳින් හැදී ගාන්න. සෑම chocolate piece එකක්ම හොඳින් melt වන තුරු මෙය කරන්න.
  • Strawberry ගෙඩිය එහි උඩ නටුවෙන් අල්ලාගෙන chocolate එක තුලට බහා ලන්න. සෑම තැනකම chocolate හොඳින් ගාවන්න.
  • දැන් strawberry ගෙඩිය කලින් සකසා ගත් baking sheet එකේ තබා අනෙකුත් strawberry ටිකත් මේ විදිහටම chocolate වල බහාලමින් සකසා ගන්න.
  • අවශ්‍ය නම් white chocolate ටිකක් උඩින් දමා මෙය වඩාත් අලංකාර කර ගන්න පුළුවන්.
  • පසුව, chocolate ටික හොඳින් ඝනකම් වීමට විනාඩි 30ක් පමණ fridge එකේ තබන්න.
  • මේ විදිහට සකසා ගත් berries වල රසය හොඳින්ම විදගන්න නම් එදිනම අහාරයට ගන්න ඕනේ.

Contact DailyLife.lk

or drop an E-Mail to