චොක්ලට් සහ පොල් බ්‍රව්නිස් ලේසියෙන් හදමු
හරිම ලේසි මේ බ්‍රව්නි එක චොක්ලට් අතුරුපස වලට කැමති ඔයාලටමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් - 170g
- චොක්ලට් - 100g
- ක්ෂණික කෝපි කුඩු - තේ හැඳි 01
- සීනි - 200g
- බිත්තර - 03
- වැනිලා - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි 1/2
- කොකෝවා පව්ඩර් - මේස හැඳි 01
- පාන් පිටි - 95g
- ගාගත්ත පොල් - 250g
- ටින් කිරි - 340g
- චොක්ලට් - 120g
- ටින් කිරි හෝ විපින් ක්‍රීම් - 100g
සාදන ක්‍රමය
- චොක්ලට් ටිකයි බටර් ටිකයි එකට දාලා හොඳට දිය කර ගන්න.
- ඊළගට ලිප නිවලා කෝපි කුඩු ටිකත් මේකටම දාලා දිය කර ගන්න.
- දැන් සීනි ටික එකතු කර ගන්න.
- සීනි ටිකත් දිය වෙනකන් කලවම් කරලා මේක නිමෙන්න ටිකක් වෙලා තියලා තියන්න.
- බිත්තර එක එක දදා හොඳට කලවම් කරන්න.
- වැනිලා ටිකයි ලුනු ටිකයිත් දාගන්න.
- කොකෝවා පව්ඩර් ටිකයි පිටි ටිකයි දාලා හොඳට කලවම් කරන්න.
- දැන් මේ බැටර් එක බේකින් පෑන් එකකට දාලා 180°C ක උෂ්ණත්වයක විනාඩි 30ක් 35ක් විතර බේක් කර ගන්න.
- මේක බේක් වෙන අතරතුරේදී අපිට උඩින් දාන පොල් මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒකට පොල් වලට ටින් කිරි ටික දාලා හොඳට කලවම් කරන්න.
- බ්‍රව්නි එක බේක් වෙලා ඉවර උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියලා හදාගත්ත පොල් මිශ්‍රණය මේකට උඩින් දාලා හොඳට පැතලි කර ගන්න.
- ඊළගට චොක්ලට් ටිකට ටින් කිරි ටික දාලා හොඳට කෑලි හිටින්නේ නැති වෙන්න දිය කර ගන්න.
- දැන් මේ චොක්ලට් මිශ්‍රණය බ්‍රව්නි එක උඩින් දාගන්න.
- මේ බ්‍රව්නි එක හොඳට සෙට් වෙනකන් පැයක් දෙකක් විතර ශීතකරණයේ තියන්න.