බටර් කේක් එකට රස වෙනසක් නිකන්ම නිකන් බටර් කේක් එකක් වෙනුවට ඔයාලත් මේ රසම රස චොක්ලට් චන්ක් බටර් කේක් එක හදලා බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: පාන් පිටි - 250g සීනි - 250g බටර් - 250g බිත්තර - 04 නැවුම් කිරි - කෝප්ප 1/2 බේකින් පවුඩර් - තේ හැඳි 02 වැනිලා - තේ හැඳි 01 චොක්ලට් චන්ක්ස් - 130g සාදන ක්‍රමය: මුලින්ම සීනියි බටරුයි එකට දාලා ඒ ටික ක්‍රීම් ගතියට එනකන් හොඳට බීට් කර ගන්න. ඊළගට බිත්තර එකින් එක දා ගන්න. දැන් වැනිලා ටික එකතු කරන්න. පිටි වලට බේකින් පවුඩර් ටික දාලා හලා ගෙන ඒ ටිකත් බටර් මිශ්‍රණයට එකතු කර ගන්න. දැන් කිරි ටික දා ගන්න. අන්තිමට චොක්ලට් කෑලි ටික දාලා හොඳට කලවම් කරන්න. දැන් මේ කේක් එක 180C ට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 35-40 විතර බේක් කර ගන්න. බේක් කර ගත්ත කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියලා රස බලන්න.