චොක්ලට් චිප් කුකීස්
කුකී කන්න කැමති කෙනෙක් ඉල්ලන හැම දෙයක්ම මෙන්න මේ කුකී එකේ තියනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් - 115g
- සුදු සීනි - 50g
- දුඹුරු සීනි - 100g
- බිත්තර - 01
- වැනිලා - තේ හැඳි 1/2
- බේකින් සෝඩා - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි 1/2
- පාන් පිටි - 190g
- චොක්ලට් චිප්ස් - 160g
සාදන ක්‍රමය
- බටර් ටික මද ගින්දරේ හොඳට දිය කර ගන්න.
- බටර් ටිකත් එක්ක සීනි ටික කලවම් කරලා නිමෙන්න පැත්තකින් තියලා තියන්න.
- මේක ටිකක් නිමුනාට පස්සේ බිත්තර දාලා කලවම් කරන්න.
- වැනිලා, බේකින් සෝඩා හා ලුනු එකතු කර ගන්න.
- පිටි ටික දාලා කලවම් කරන්න.
- අන්තිමට චොක්ලට් චිප්ස් ටික දාලා හොඳට කලවම් කරන්න.
- මේ කුකී එක විනාඩි 20ක් විතර 180°C ක උෂ්ණත්වයක බේක් කර ගන්න.