කෝපි මූස් එක්ක පිටි නැති චොක්ලට් කේක් හදමු...

මේ කේක් එක යට තියන චොක්ලට් කේක් එක හොඳට චොක්ලට් වලින් පිරුන රසම රස කේක් එකක්. හොඳ කෝපි සුවදක් එක්ක කේක් එකට උඩින් තියන කෝපි මූස් එකත් එක්ක මේ කේක් එක ඔයාලට මේ පාර නත්තලට හොඳ අතුරුපසක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය : කේක් එක සදහා

  • බටර් - 110g
  • චොක්ලට් - 150g
  • බිත්තර - 03
  • සීනි - 100g
  • කොකෝවා පව්ඩර් - මේස හැඳි 01
  • ලුනු

අවශ්‍ය ද්‍රව්‍ය : කෝපි මූස් එක සඳහා

  • බිත්තර කහ මදය - 02
  • සීනි - 100g
  • කෝර්න් පිටි - 12g
  • රස්නේ කිරි - 160ml
  • වැනිලා - තේ හැඳි 1/2
  • ක්ෂණික කෝපි - මේස හැඳි 01
  • ජෙලටින් කුඩු - මේස හැඳි 1/2
  • කූල් වතුර - මේස හැඳි 02
  • විපින් ක්‍රීම් - 240g

සාදන ක්‍රමය:

  • කේක් බැටර් එක හදා ගන්න බටර් ටිකයි චොක්ලට් ටිකයි මද ගින්දරේ දිය කර ගන්න.
  • දිය කර ගත්ත චොක්ලට් ටික ටිකක් නිමුනාට පස්සේ බිත්තර කහ මද එක එක දදා කලවම් කරන්න.
  • කොකෝවා පව්ඩර් ටිකයි ලුනු ටිකයි එකතු කරන්න.
  • දැන් බිත්තර සුදු මද ටික ටිකක් වෙලා හොඳට බීට් කර ගන්න.
  • බිත්තර ටික හොඳට පිම්බෙන ගානට ආවාට පස්සේ සීනි ටිකත් දාලා තව ටිකක් වෙලා බීට් කර ගන්න.
  • දැන් මේ බීට් කර ගත්ත බිත්තර ටික චොක්ලට් එකත් එක්ක කලවම් කර ගන්න.
  • කේක් බැටර් එක බේකින් පෑන් එකකට දාලා 180°C ක උෂ්ණත්වයක විනාඩි 25ක් විතර බේක් කර ගන්න.
  • කෝපි මූස් එක හදාගන්න බිත්තර කහ මද ටිකයි සීනි ටිකයි එකට දාලා කලවම් කරන්න.
  • දැන් මේකට කොර්න් පිටි ටිකත් දාගන්න.
  • මේ මිශ්‍රනයටම කිරි ටික ටික දදා කලවම් කරන්න.
  • මේ කිරි ටික ටිකක් ඝනකම් වෙනකන් දිගටම හැඳි ගාන ගමන් මද ගින්දරේ රත් කරන්න.
  • මිශ්‍රණය ඝනකම් උනහම ලිපෙන් අයින් කරලා වැනිලා ටිකයි කෝපි ටිකයි දාගෙන හොඳට කලවම් කරලා නිමෙන්න තියන්න.
  • වතුර වලට ජෙලටින් ටික දාලා විනාඩි 05ක් 10ක් විතර තියලා තියන්න.
  • දැන් මේ ජෙලටින් ටික කෝපි මිශ්‍රණයට දාලා කලවම් කරන්න.
  • ඊළගට විපින් ක්‍රීම් ටික හොඳට බීට් කර ගන්න.
  • දැන් බීට් කර ගත්ත විපින් ක්‍රීම් ටිකට කෝපි මිශ්‍රනය දාලා කලවම් කරන්න.
  • හොඳට කලවම් උනාට පස්සේ මේ කෝපි මූස් එක කේක් එකට උඩින් දාගන්න.
  • දැන් මේ කෝපි මුස් එක හොඳට සෙට් වෙනකන් මේ කේක් එක පැය 04ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • කේක් එක හොඳට සෙට් උනාට පස්සේ බේකින් ට්‍රේ එකෙන් අයින් කරලා රස්නේ පිහියකින් කෑලි වලට කපා ගන්න.
Flourless Chocolate Cake with Coffee Mousse
Flourless Chocolate Cake with Coffee Mousse
Flourless Chocolate Cake with Coffee Mousse
Flourless Chocolate Cake with Coffee Mousse

Contact DailyLife.lk

or drop an E-Mail to