Chocolate Brownies

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි ග්‍රෑම් 150
  • සීනි ග්‍රෑම් 250 යි
  • බටර් ග්‍රෑම් 200
  • බිත්තර තුනක්
  • වැනිලා තේ හැඳි දෙකක්
  • ඩාර්ක් චොක්ලට් ග්රෑම් 250
  • කොකෝවා පවුඩර් ග්‍රෑම් 150
  • බේකින් පවුඩර් තේ හැන්දක්
  • කජු ග්‍රෑම් 50
  • Icing sugar තේ හැන්දක්
  • රස අනුව ලුනු කුඩු

සාදන ක්‍රමය:

  • අවන් එක 180° c රත් කරන්න.
  • බටර් කුඩා කැබලි වලට කපා දියවන තෙක් මයික්‍රොවෙව් එක තුල රත් කරන්න.
  • බෝල් එකක් ගෙන එයට පාන් පිටි, කොකෝවා පව්ඩර් ,බේකින් පවුඩර් සහ රස අනුව ලුනු දමා හොඳින් කලවම් කරන්න.
  • බටර් සහ සීනි එකට දමා හොඳින් කලවම් කරන්න.
  • මේ අතරතුර බිත්තර ටිකද බීට් කරගෙන තබාගන්න. බීට් කර ගත් බිත්තර සහ බටර් සහ සිනි වලට දමා හොඳින් කලවම් කරන්න.
  • බටර් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න .
  • වැනිලා එකතු කරන්න .
  • ඩාර්ක් චොක්ලට් ටික කුඩා කැබලි වලට කඩා පොඩිකර ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
  • මිශ්‍රණයට කජු ටිකද එකතු කර හොඳින් හැඳි ගාන්න.
  • තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ඊට උඩින් පාන් පිටි කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.
  • රත් කර ගත් අවන් එක තුළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ මිනිත්තු 40 පුළුස්සා ගන්න.
  • උදුනෙන් පිටතට ගෙන සම්පූර්ණයෙන් නිවන තෙක් තබන්න.
  • කොටු හැඩයට කපාගත් චොක්ලට් බ්‍රවුනීස් මතට පිළිගැන්වීමට පෙර Icing sugar ඉසින්න .
  • කාමර උෂ්ණත්වයේ ඔබට දවස් කීපයක් chocolate Brownies තබා ගැනීමට හැකියාව තිබෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to