Chocolate Brownies
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි ග්‍රෑම් 150
- සීනි ග්‍රෑම් 250 යි
- බටර් ග්‍රෑම් 200
- බිත්තර තුනක්
- වැනිලා තේ හැඳි දෙකක්
- ඩාර්ක් චොක්ලට් ග්රෑම් 250
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 150
- බේකින් පවුඩර් තේ හැන්දක්
- කජු ග්‍රෑම් 50
- Icing sugar තේ හැන්දක්
- රස අනුව ලුනු කුඩු
සාදන ක්‍රමය:
- අවන් එක 180° c රත් කරන්න.
- බටර් කුඩා කැබලි වලට කපා දියවන තෙක් මයික්‍රොවෙව් එක තුල රත් කරන්න.
- බෝල් එකක් ගෙන එයට පාන් පිටි, කොකෝවා පව්ඩර් ,බේකින් පවුඩර් සහ රස අනුව ලුනු දමා හොඳින් කලවම් කරන්න.
- බටර් සහ සීනි එකට දමා හොඳින් කලවම් කරන්න.
- මේ අතරතුර බිත්තර ටිකද බීට් කරගෙන තබාගන්න. බීට් කර ගත් බිත්තර සහ බටර් සහ සිනි වලට දමා හොඳින් කලවම් කරන්න.
- බටර් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න .
- වැනිලා එකතු කරන්න .
- ඩාර්ක් චොක්ලට් ටික කුඩා කැබලි වලට කඩා පොඩිකර ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
- මිශ්‍රණයට කජු ටිකද එකතු කර හොඳින් හැඳි ගාන්න.
- තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ඊට උඩින් පාන් පිටි කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.
- රත් කර ගත් අවන් එක තුළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ මිනිත්තු 40 පුළුස්සා ගන්න.
- උදුනෙන් පිටතට ගෙන සම්පූර්ණයෙන් නිවන තෙක් තබන්න.
- කොටු හැඩයට කපාගත් චොක්ලට් බ්‍රවුනීස් මතට පිළිගැන්වීමට පෙර Icing sugar ඉසින්න .
- කාමර උෂ්ණත්වයේ ඔබට දවස් කීපයක් chocolate Brownies තබා ගැනීමට හැකියාව තිබෙනවා.